සිතළු - 1

1.2K 160 170
                                    

'' මහීධ කුමරුන්ගේ ස්වයංවරයට කුමරියන් කැදවා ඇති වග සැබෑ ද ? ''

'' සැබවින්ම ? .... නමුත් උතුමාණන්.......''

'' උතුමාණන් , සියලු වගකීම් මහීධ කුමරුන් වෙත පවරා කුවල්‍ය අසපුවේ සංචාරය පිණිස ගොස් තිබෙන්නේ.... ''

'' එවිට කුමක් ද ස්වයංවරයක් ???? ''

'' ස්වයංවරයක් ලෙස පැවසුව ද එය රද්කොළයේ කාන්තාවන් සදහා සාදයක් වගයි පැවසෙන්නේ....  ''

'' නුඹ සහභාගී වනවා ද ? ''

'' නැතිව... මා ආලේපන ද මිළදී ගත්තා.. ''

ජනාකීර්ණ වූ වීදියේ රද්කොළයේ කුලීන කාන්තාවන්ගේ සංවාදය සවන් වැකුණු දුඹුරු පැහැ ශක්තිමත් වෙළඹ මත සිටි මුහුණ නාසයෙන් පහළ කාල වර්ණ රෙදි කඩකින් ආවරණ කරගත් තරුණිය අසුපිටින් බිමට පැන්නේ සාර්ථක ලෙස සිය නම්‍යශීලි සිරුරෙහි සමබරතාවය ද රදා පවත්වා ගනිමිනි . ‍

ඇයගේ අකීකරු කැරලි හිස කෙස් අපිළිවෙල ලෙස ගොතා දමා වල් සූර්යය පුෂ්පයන් ගවසා දකුණු උරහිස මතින් ඉදිරියට දමා තිබූ අතර ඇයගේ රෙදි පිළි පවා තුනී කසී සළු නොවී ය. සූර්යය රශ්මියට අවපැහැ ගැන්වී තිබූ සම , පිටෙහි වූ ද්විත්ව අසිපත් , වළලුකර තෙක්ම උස් වූ කැටයම් යෙදූ පාවහන් යුගල හා තරුණයෙකු මෙන් බදෙහි වූ ආයුධ හා පසුම්බි පිරි සම් බද පටිය ඇයගේ ස්වරූපය පැහැදිලිව අන් තරුණියන්ගෙන් වෙනස් කළේ ය . ඇයගේ සිරුරෙහි කිසිදු ආභරණක් දක්නට නොවූ අතර ආවරණ වූ රෙදි කඩ අතරින් කැපී පෙනුණු ඇයගේ තියුණු පෙනුමක් ගත් දෑස් කඩ පිලෙහි වූ ආලේපන හා තුනී කසී සළු දෙස වරක් යොමු වුව ද ඇය ඒ පිළිබද නොතකමින් නැවතත් අනෙක් පස හැරුණේ ය.

'' කව්රුන් ද ඇය ? '' කඩපිළෙහි වූ රද්කොළ කාන්තාවන් මුමුණනු ඇයට හොදින්ම ඇසුණ ද ඇය ඒ පිළිබද තැකීමක් නොකර කඩ පිළෙහි අයිතිකරුවෙන් නව හී තල කට්ටලයක් ඇණවුම් කළා ය.

'' ධනුර්ධ හී තල ? ! '' කාන්තාවන් මුමුණමින් සිනානගනු ඇයට ඇසුණු අතර ඇය සිය රෞද්‍ර දෑස් ඔවුන් දෙසට හෙලුවේ එක් බැල්මකින් ඔවුන් නිහඩ කර දමමිනි . ඇයගේ රෙදි කඩ අතරින් පෙනුනු බැල්ම එතරම්ම රෞද්‍ර විය . කාන්තාවකට කලාතුරකින් පිහිටන ආකාරයේ ඝන ඇහි බැමි ඇයගේ දෑසෙහි පෙනුම තවත් සුන්දර කළේ ය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now