සිතළු - 6

435 112 84
                                    

'' ශාලී.. ?!!. ''

ධනුර්මානගේ හඩින් මහීධගේ දෑස් දෙස බලා අතරමංව සිටි සීහශාලී පියවි සිහියට පැමිණියා ය.

'' සූකරයා නුඹ ?? ? '' ධනුර්මාන තමාගේ කුටිය අසළ මගබලා සිටිනු ඇතැයි ඇය අපේක්ෂා නොකළා ය. ධනුර් අසළ ක්ලූර මිදිගෙඩියා ද සිටිනු සීහශාලී දුටුවා ය. ඇය මහීධගේ දෑතින් බිමට බැසීමට උත්සහ කළ ද මහීධ ඇයව නැවතත් දැඩිව ග්‍රහණය කරගත්තේ ය. ධනුර්මාන මෙලෙස තමාට දිගින් දිගටම අභියෝග කිරීම මහීධ නොරිස්සුවේ ය.

කිසිදු අවස්ථාවක කෝපගැනීම ඔහුගේ ස්වභාවය නොවූව ද ධනුර්මාන ඔහුව කෝපගැන්වූවේ ය. සීහශාලී කුඩා කළ සිටම සිය උකුල මතට පැනීමට තිබූ ආසාව ද , ඇය තමාගෙන් මදින් මද ඈත් වීමට හේතුව ධනුර්මාන වගද මහීධ විශ්වාස කළේ ය. අනෙකක් තමා කළු දිවියා ද  ධනුර්මාන වෙතම සහයෝගය දීම ඔහුට විශ්වාස කළ නොහැකි විය. ධනුර්මාන දෙස බලා ඔහුව ගණනකට නොගත් මහීධ සීහශාලීගේ කුටියෙහි ද්වාරය පයින් ගසා විවර කළේ ධනුර්මාන හා තිබූ තරහා ද පිරිමසමිනි.

ධනුර්මාන ද මහීධ සීහශාලිට සලකන ආකාරය දැඩිව හෙළා දුටුව ද මෙවර ඔහු ඇයව දෝතට ගෙන සිටිනු දැකීමෙන් මොහොතකට මෙල්ල වූයේ කෝපගෙන සිටි කාල දිවියා ද සන්සුන් කරමිනි. ඔහු ද නොදැන සිය මිතුරිය වෙනුවෙන් පුදා තිබූ හදවත රිදුම් දුන්න ද ධනුර්මාන කිසිවක් සිදු නොකළේ ය. පැවසීමට දහසක් වදන් සිහියට නැගුණ ද ධනුර්මාන සියල්ල ගිල ගත්තේ සීහශාලී මහීධගේ ස්පර්ශයක් පවා කෙතරම් ප්‍රිය කළා ද යනවග සිහිපත් වීමෙනි. මෙහි සටන් අවුලවා ඇයගේ අවස්ථාව නැති කර දැමීමට ඔහුට ඇවැසි නොවී ය.

මහීධගේ අභියෝගාත්මක දෑස් ධනුර්මාන වෙතට යොමු වුව ද ඔහු ද කිසිවක් නොපැවසුවේ ය. ධනුර්මානගේ දෑස්වල දිලිසුමට ඔහු වෛර කළ තරමින් විය. තමාට වඩා දස වසරකට මෙපිටින් බාල වූ ධනුර්මානගේ හැගීම් වටහා නොගැනීමට තරම් මහීධ බොළද නොවී ය. සීහශාලී ඔහු වෙත හෙළන මිත්‍රත්වයේ ගැඹුරු බැල්මට වඩා ධනුර් ඇය දෙස බැලූ වගකීම් සහගත බව හා ආදරණීය බැල්ම මහීධ නොසන්සුන් කළේ ය. 

කුඩා කළ සිටම සියලු ආදරණීයන් තමාව හැරයද්දී සීහශාලී නැති කරගැනීමට ඔහු කෙතරම් බියවූවා දැයි දැන සිටියේ මහීධ පමණක්ම විය. එකී බියෙන් හා ශෝකයෙන් උමතුවන සෑම අවස්ථාවකම මහීධ නොසිතාවම සීහශාලී රිදෙව්වා ය. ඉන් ඔහු පසුතැවුණු අාකාරයට සාක්ෂි දැරූයේ රජු වූ සුලෝධජ පමණක් විය. සිය අය්යණ්ඩි ද දෙවරක් නොසිතා , සීහශාලී හා විවාහයට ධනුර්මාන යෝජනා කරද්දී කුඩා කළ සිට තමා ප්‍රවේසම් කරගත් ආලය හදුනා ගත්තේ සුලෝධජ රජු පමණක් විය. මහීධ යොවුන් වියේ දී වුව ද සීහශාලී කුඩා දැරිවියක් විය. ඇයව වඩා ගැනීමේදී පවා තමා ප්‍රවේසම් වූ අකාරය මහීධට අද මෙන් සිහිපත් ය. වයස ද සමග ඇය වෙනස් වන සෑම විටම මහීධ තමා පාලනය කර ගත්තේ ය. ධනුර්මාන අසළ ඔහුව ද මඩවා තමා අසළ සෑම විටම සන්සුන් වන ශාලී , කෙතරම් ඔහුගේ පියවි සිහිය නැති කර දැමූව ද මහීධ කිසිදු විටෙක සහෝදර වදනින් ඔබ්බට නොයාමට වග බලා ගත්තේ ය. මහීධට අනුව ප්‍රේමය , ආලය , බැදීම්, සමාජය ඇය වැනි කුඩා දරුවෙකුට තවමත් වටහා ගත නොහැකි තරම් සංකීර්ණ විෂයයන් වූ අතර ගින්නට බට මෙරුවන් සේ  ඇය ඉන් විනාසව යතැයි ඔහු බිය විය. කෙතරම් වයසින් වැඩී සිටිය ද මහීධ හට නම් ඇය තවමත් සිය උකුල මත දගකළ කුඩා සිගිත්තා විය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now