සිතළු - 7

578 124 101
                                    

ධජ ලෙලෙනා , උදෑසන පුහුණු පිටිය සූදානම්ව තිබුණේ ද්වන්ධ සටන උදෙසා විය. සූර්යය-සිංහ සලකුණ සිත්තම් වූ කුරහන් පැහැති ධජ ලෙලදෙමින් තිබුණි.

මහීධගේ දෑස් තවමත් වැලි පුහුණු පිහියට ඉලක්ක ගත වී ඇත. ඔහු කෙරෙන් දිස් වූ තේජවන්ත බවට සමකළ හැකි අන් කිසිවෙක් නම් මේ රත්නද්වීපයේම නැති සෙයකි.. ශුද්ධ  සූර්යය වංශයේ දැනට ඉතිරිව ඇති අවසාන පුරුක මහීධයන් වූ අතර වර්තමාන සුලෝධජ රජුගෙන් පසු රජකම සදහා සිටි එකම රුහිරු - උරුමය ද ඔහු දැරී ය.

සෑම විටම තමා අධ්‍යාපනය ලැබූ කුවල්‍ය අසපුවට ගෞරව පිණිස තඹර පැහැයෙන් සැරසුණ ද මෙවර මහීධ දරා සිටින්නේ ධවල රත්‍රන් පැහැය විය. ඔහුගේ සෞම්‍ය බව ඉන් කැපී පෙනුන ද ද්වන්ද සටනකට ඔහුගේ සිත තවමත් දැඩි ය. සිය දෙවන දශකයේ අගභාගයේ වූ මහීධ කෙරෙන් සැබවින්ම දිස් වූයේ සැසදිය නොහැකි තරම් කඩවසම් බවකි . ඔහුගේ දිගු නයනයන්වල තිර අදිටන ස්වයංවරය සදහා සහභාගී වූ අන් තරුණයන් උන්මාද කර දැමූ හ. හස්තයෙහි දැරූ ඔහුගේ විශේෂ ආයුධය දිශාධර්ගය ඔහු වෙත භයානක ස්වරූපයක් රැගෙන ආවේ ය.

අනෙක් පසින් ධනුර්මාන... රත්නද්වීපයේ දක්ෂතම හා ලාබාලතම යුධ සෙනෙවි... ත්‍රාම-කළු පැහැති තීව්‍ර දෙනෙත් සගලත් , කොපුල පුරා පැතිර ගිය යුධ කැළැලත් , දැඩි හැඩි දේහයත් , හස්තයෙහි වූ '' වජ්‍රයත් '' පිටෙහි වූ '' අසුර අසිපතත් '' ධනුර්මාන වෙත දැනටම ද්වන්ධ යුද්ධයේ ජයග්‍රහණය ගෙන දී හමාර විය. මහීධමෙන් ඔහුගේ වස්ත්‍රයන් සරල නොවූ අතර , ඔහු නව්‍ය ඝනයේ විලාසිතා පිළිබද එතරම්ම තැකුවේ ය. මුවෙහි නිරතුරුව රැදි සෙල්ලක්කාර සිනහාව දහනව හැවිරිදි ධනුර්මාන වෙත ගෙන ආවේ වැඩි කාන්තා ආකර්ෂණයක් වග පැවසීම සාවද්‍ය නොවනු ඇත.

ඒ සියල්ල එසේ තිබියදී සිය වම් පස මණ්ඩපයේ හුන් සීහශාලී විශාල දෙළුම් බන්දේසියකට තනිව වගකියමින් සිටියා ය. රැස්ව සිටියවුන් මහීධගේත් ධනුර්මානගෙත් නම් පවසමින් කෑගසනු ඇයට ඇසුණ ද ඇයගේ පූර්ණ අවධානය දිනාගෙන සිටියේ මේ කඩවසම් කුමරුවන් දෙදෙනාගෙන් එකකුදු නොව සිය ප්‍රණීත දෙළුම් යුෂ බදුනත් , දෙළුම් බන්දේසියත් පමණක්ම විය. ඉදින් ඒ ඇගේ ස්වභාවය විය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now