සිතළු - 4

395 126 36
                                    

සීහශාලී නොනැවතීම අභ්‍යන්තර අංගනය දෙසට දිව ගියේ කිසිවෙකු නොතකමිනි . ඇය එක් කදුළකුදු නොහෙලූ අතර ඇයට එතරම් දුර්වල වීම ද නොරිස්සුවේ ය. ඇය සිය දෑතට වදයක් වූ විකාර රූපි වළලු දෙක ගලවා විසි කළේ පොකුණ අසළ ශිලා බැම්ම මත අසුන් ගනිමිනි .

'' ඇය සෙනෙවි ධනුර්මානගේ පෙම්වතිය ද ?

'' නුඹ නොදන්නේ ද ඇය පෙරදින රාත්‍රියේ ධනුර්මානයන් ද සමගින් ඇයගේ කුටියේ සිට හසුවූවාලු..

'' කුමක් ! ඇය කුමරියක් නොවේ ද ?

'' ඇය වැන්නියක කෙසේද කුමරියක් වන්නේ ? ඇයගේ මෑණියන් රොඩී කුලයේලු.. ''

'' කුමන ප්‍රලාපයක් ද ... ඇය රොඩී කුලයේ ද මෙලෙස හැසිරෙන්නේ ? ''

'' ඇය කෙලෙසකද අප හා සමවන්නෙවත්.. බලන්න ඇයගේ සමේ පැහැය !!! ''

'' දෑත්වල අසිපත් කැපුම්.. කුමක් සිතාගෙන ද දන්නේ නැහැ මහීධ කුමරුන්ගේ ස්වයංවරයට සහභාගී වුයේ ඇය... ''

ශාලාවෙහි වූ තරුණියන්ගේ උපහාසාත්මක මිමිණීම් සීහශාලීගේ මනසෙහි යළිත් ගෙත්තම් විය .

'' ශාලී.. '' ධනුර්මානගේ හඩින් අැය තිගැස්සී ගියා ය. ඇය සිය බරැති නාසය ඔසවා ඔහු දෙස බැලූ අතර ධනුර්මාන ඇය අසළින් දණගසා ගනු සීහශාලී දුටුවා ය.

'' අර ^#$% පැවසූ දේවල් එතරම් තකන්න එපා.. ඔහු කොහොමත් ^&#* !!! '' ධනුර්මාන පැවසුවේ කෝපාන්විත හඩිනි .

'' හ්ම්.... ''

'' සීහශාලි.. ශාලි.. යක්ෂණී.. '' ධනුර්මාන මදක් සන්සුන් වෙමින් ඇමතුවේ ය.

'' හ්ම් ? ''

'' කෝ මා දෙස බලන්න ... '' ධනුර්මාන මෘදුව පැවසුවේ සීහශාලීගේ මුහුණ තමා දෙසට හරවා ගනිමිනි . සීහශාලී සිය කදුළින් බරව ගිය දෑස් ධනුර්මාන දෙස යොමු කළේ ය .

'' කිම ද හඩන්නේ ? ඔහු පමණ ද ලොව ඉතිරිව ඇති එකම තැනැත්තා  ? '' ධනුර්මාන නොරිස්සීමෙන් ප්‍රශ්න කළේ සීහශාලිගේ දෑස් අග වූ කදුළු බිදු පිස දමමිනි .

'' කිම ද ඔහු එලෙස පැවසුවේ ධනුර් ? '' සීහශාලී කුඩා දරුවෙකු සේ සිය මිතුරාගෙන් විමසුවා ය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now