සිතළු - 3

461 130 64
                                    

'' සීහශාලී !!!!!!!!!! ''

මහීධගේ රළු ගැඹුරු හඩ සිය දෙසවන් හරහා ගමන් කරනු සීහශාලීට ඇසුණු අතර ඇය ක්ෂණිකව ධනුර්මාන අතහැර දමා නැගී සිටියා ය. තමා හා ධනුර්මාන සිටි ඉරියව්ව ඔවුන් දෙදෙනා අතර කෙතරම් සාමාන්‍ය වුව ද එය අන් සියලු දෙනාට සභ්‍යත්වයෙන් බොහෝ ඔබ්බට ගමන් කළ යමක් වග සීහශාලී දැන සිටියා ය.

මහීධගේ හස්තය ඔහුගේ ධනුර්ධ භූමරංගය වූ '' දිශාධර්ගය '' වෙත යොමුව තිබූ අතර ධනුර්ද ක්ෂණිකව සිය මාරාන්තික භූමරංගය වූ '' වජ්‍රයථ '' සුරතට ගෙන නැගී සිටිනු සීහශාලී දුටුවා ය.

' කුමක් ද නුඹලා දෙදෙනා ඒ සිදුකරමින් සිටි  නිර්ලජ්ජිත පහත් ක්‍රියාව !!!! තමුන් හැසිරෙන්නේ මෙසේ ද සීහශාලි !!!! පියාණන් මාළිගයෙන් මදක් දුරකට නික්මුණු සැනින් තරුණයෙකු කුටියට ගෙන්වාගෙන ඔහුගේ සිරුර මත !!! ''  මහීධ ගිගිරුවේ ය .

'' නිහඩවනවා !!!! '' එවර ධනුර්මානගේ ඉවසීම පුපුරා ගියේ ය. ඔහු ස්වභාවයෙන් අනුකම්පාවිරහිත වුව ද ඔහු අවංක හදවතකට හිමිකම් කීවේ ය.

සීහශාලීට සියල්ල ඇසුණ ද ඇය නැවතත් පෙරළා පැවසීමට කිසිදු මානසිකවයක් නොවි ය. දාසියන් ඇය දෙස හෙලූ බැල්මෙහි වූ පිළිකුල් සහගත අවඥාව මුසුවූ බැල්ම ඇයව නිරුත්තර කර දමා තිබුණි . තමා මේ අයුරින් අපහාස කළේ අන් තරුණයෙකු නම් මේ මොහොතේම සීහශාලී ඔහුගේ ගෙල සිද දමා අවසන් මුත් ඒ මහීධ වීම ඇද බිද දැමුවා ය.

'' කිම ද නුඹ එවර ! ' තමුන් කුමක් ද සීහශාලිගේ කුටියෙහි සිදුකරන්නේ ??!! '' මහීධගේ රළු වදන් එවර ධනුර්මාන වෙත යොමු විය .

'' මා පිළිතුරු දීමට බැදී ඇත්තේ උතුමාණන් වෙත පමණයි.. ''' ධනුර්මාන සිය රළු හඩින් පැවසුවේ මහීධ දෙස ඍජුව දෑස් යොමු කරමිනි. ඔහුගේ නොහික්මුණු ස්වභාවය මහීධ පමණක් නොව දාසියන් ද කම්පනය කළේ ය.

'' මා මේ මොහොතේ ඇයගේ භාරකරු !!!!! '' මහීධ වදනින් වදන පැවසුවේ කෝපයෙන් දත්මිටි කමිනි.

'' නුඹ සොයාබලනවා ඇය පිළිබද &*## !!!! '' ධනුර්මාන කිසිදු පැකිළීමකින් තොරව පැවසුවේ ය.

'' කට කට !!! සෙනෙවි ධනුර්මාන !!!!!!!!! මා ඇයගේ සුළු පියාණන් අමතක ද නුඹට !!!! '' මහීධ ගිගිරුවේ ය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now