සිතළු - 5

480 125 52
                                    

මහීධ සාදයේ අවසානය වන තෙක්ම රැදී සිටිය ද ඔහුගේ සිත නොසන්සුන් විය. ඔහු සියලු රද්කොළ කාන්තාවන් හා අහේතුක නොරිස්සුමක් ඇති කරගෙන තිබුණේ ය. කව්රුන් හෝ තමා සමග කතා කිරීමට සැරසුණ ද ඔහු සියලු දෙනා මගහැර දෙළුම් යුෂ තොල ගෑවේ ය. දෙළුම් යුෂ ශාලිගේ ප්‍රියතම පානය වග සිහිපත් වීමෙන් ඔහු එය ද පසෙකන් තැබුවේ ය.

හෙට දින ධනුර්මාන හා සටන තමාට වඩාත් අවාසිදායක වග මහීධ හොදින්ම දැන සිටියේ ය. ඔහු නොදැනුවත්ම දක්ෂිණ අංගනය වෙත පියමැන ඇති වග මහීධ වෙත වැටහී ගියේ ඔහු පිටතින් අගුළු දැමූ කුටිය අසළ මොහොතකට නැවතුනු විට විය. ඔහු මදක් පැකිළීමෙන් ද්වාරයේ අගුළ දෙසට දෑත් රැගෙන ගියේ ය. අනතුරුව විශාල හුස්මක් ගෙන ද්වාරය හඩක් නොනැගෙන පරිදි ප්‍රවේසමින් විවර කළේ ය. ඔහුගේ ගෙලෙහි වූ පළිගු පළදනාවෙන් විහිදුනු ආලෝකය කුටිය කණාමැදිරි එළියක් සේ එළිය කළේ ය.සීහශාලී සයනය මත සුවසේ සැතපී සිටිනු දුටු මහීධ සැහැල්ලු සුසුමක් හෙළුවේ ය.

නමුත් සීහශාලී මෙවර අවදියෙන් විය. පියවර හඩින්ම ඒ මහීධ වග ඇය හැදින්නා ය. ඇය මහීධ හා උරණව සිටි අතර තමා දැඩි නින්දෙහි වග අගවමින් මෘදුව දෑස් වසාගෙනම සිටියේ මහීධ ඉක්මනින් පිටව යනු ඇතැයි අපේක්ෂාවෙනි . නමුත් ඇයගේ බලාපොරොත්තු බිද දමිමින් මහීධ කුටිය තුළට පැමිණ කුමක් හෝ ශිලා කනප්පුව මත තබා සයනයේ පසෙකින් අසුන්ගනු සීහශාලීට දැනුණි .

'' සූර්ය කුසුම.. '' මහීධ තමා වෙත මෘදුව අමතනු සීහශාලීට ඇසුණ ද ඇය ප්‍රතිචාර නොදැක්වූවා ය. ඇය මහීධට පිටුපා සැතපී සිටි අතර එලෙසම දෑස් වසාගෙන සිටියා ය.

'' ශාලී,. '' මහීධ නැවතත් ආමන්ත්‍රණය කළේ තමාව අවදි කිරීමට උත්සහයෙන් වග වැටහුණු ශාලී දෑස් තවත් තදින් පියවා ගත්තා ය.

'' චහ්. සැතපුණු විට අර දුගද දිවියාත් පරාදයි.. '' මහීධ මුමුණනු සීහශාලීට ඇසුණි. තමා විසින් ලිහා දමා තිබූ අකීකරු කැරලි කොණ්ඩය නිසාවෙන් සිය මුහුණ නොපෙනන වග ඇය දැන සිටියා ය. නමුත් මහීධ කලබලයකින් තොරව සිය මුහුණට වැටී තිබූ කෙස් රොද සකස් කරනු ඇතැයි සීහශාලී අපේක්ෂා නොකළා ය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now