සිතළු - 2

530 136 117
                                    

ඕ , ස්නානය කර මාළිගයේ අභ්‍යන්තර උද්‍යානය ඔස්සේ සෙමින් ඇවිද ගියේ රාත්‍රී අදුරද නොතකමිනි. ඇයගේ සුරතලා වූ තේජවන්ත කාල දිවියා ද ආරක්ෂාවට ඇයගේ පසෙකින් විය . ඇයගේ සුරතෙහි අසිපත නොවූව ද කුඩා දටික කිණිස්සක් විශ්වාසී ලෙස ඇයගේ බද පටියෙහි එල්ලී තිබුණි .

සර්පිලාකාර කැරලි සහිත ඇයගේ තෙත සහිත කොණ්ඩය ලිහා දමා උරමතින් ඉදිරියට දමා තිබූ අතර අකීකරු කැරලි කෙස් මුහුණ මත ද දග කළේ ඇයව සිය කෙස් වැටිය සමගින් කෝපයෙන් වෙලමිනි.

ඇය පුෂ්පකර්ණයක ශිලා වැටිය මත අසුන් ගත්තේ රාත්‍රී අහස දෙස බැල්මක් හෙලමිනි . දහවල සිය මිතුරා වූ සෙනෙවි ධනුර්මාන හා දඩයමින් අැය මදක් විඩාවට පත්ව සිටි අතර නිසොල්මන් රාත්‍රී අහසෙහි හා කණාමැදිරි එළිවල සුන්දරත්වය හා සිය මිතුරු හැකරැල්ලන් ද ඇයගේ සිතට සහනයක් විය .

'' සූර්යය කුසුම , විඩාවෙන් වගෙයි.. '' තමාට පිටුපසින් ඇසුණු ගැඹුරු හඩ සීහශාලී සැණින් හැදින්නා ය. ඇය අනිච්ඡානුගවම කලබලයෙන් නැගී සිටියා ය.

අසිපත් තලයක් සේ තියුණු යටිහනු දාරයන් ,  උගුරින් පිටට නෙරා ආ කණ්ඨජාස්ථිය හා නාදළු වැනි නිකැළැල් ලවන් , දිගු නාසය , හා ඝන ඇහිබැමි හිමි තරුණයාගේ  කාල වර්ණ දිගැස්වල වූ උණුසුම් බැල්ම ඇය මොහොතකට සසල කිරීමට සමත් විය.

උර මතට නිදහසේ වැටී තිබූ මුහුදු රළවන් කෙස් වැටිය හා ස්වේත පැහැ වස්ත්‍රයන් ඔහු වෙත සෞම්‍ය පෙනුමක් එක් කළ අතර , ගණනට නඩත්තු කළ මුහුණ වටා වූ සියුම් රැවුල ඔහුගේ පරිණතභාවය ඉස්මතු කර පෙන්වී ය. සුපුරුදු සේම ඇයගේ දෑස් , ඔහුගේ දකුණු කන් පෙත්තෙහි වූ සූර්යය පුෂ්පයක හැඩය ගත් ලෝහ කර්ණාභරණය වෙත යොමු විය .

'' ආහ්.. නැහ්.. නැහ්... මදක් පිටතට පැමිණියා.. '' සීහශාලී එවර මදක් සිනාසෙමින් පිළිතුරු ලබා දුන්නා ය. මහීධ පිළිතුරු ලෙස කිසිවක් නොපැවසූ අතර ඔහු , සීහශාලී දෙසට පැමිණීමෙන් ද වැළකුණේ ඇය අසළ සිටි කළු දිවියා දැකීමෙනි .

'' ආහ්.. ක්ලූර මිදි ගෙඩියා.. '' ශාලී යමක් සිහිපත් වූ ලෙස පැවසුවා ය.

මහීධ , සිය දිවි සුරතලා මදකුදු ප්‍රිය නොකළ වග සීහශාලී දැන සිටියා ය. තමා ඔහුව සෑම දිනකම ස්නානය කරවන වග ඔහු මුග්ධ මහීධ වෙත පවසා සිටිය ද ඔහු සෑම විටම '' ක්ලූර මිදි ගෙඩියා '' නොරිස්සුවේ ය. අනෙක් පසින් බැලූ විට සිය දිවි සුරතලා ද මහීධව නොරිස්සූ වග ද ඇය දැන සිටියේ ය. සරලව ඔවුන් දෙදෙනාම හැසිරුණේ ජන්මාන්තර වෛරක්කාරයන් දෙදෙනෙකු මෙන් විය .  අවසානයේ මහීධ පැමිණ කාල දිවියාට රවමින් ශාලී සිටි පොකුණු බැම්ම මතින්ම අසුන් ගත්තේ ය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now