සිතළු -8

339 54 95
                                    

සටන ආරම්භයට විධාන දී නම් මිනිත්තු කිහිපයක්ම ගත වී හමාරය. ධනුර්මාන තම වජ්‍රයථත් , මහීධ තම දිශාධර්ගයක් එකිනෙකා දෙස මානාගෙන සිටියා විනා පහරදීම නම් නොකළේ ය. රාජකීයයන්ගේ සැපත්වීමද සමගින් මණ්ඩපයේ රැස්වුවන්ගේ ඔල්වරසන්ද උච්චතම අවස්ථාවට පත්ව ඇත.

'' ඉදින් ආරම්භ කරනු.. '' සුලෝධජ රජු පැවසුවේ මුවෙහි තවමත් රැදි ගිය සිනහාවෙනි.

ධනුර්මාන සිය රෞද්‍ර දෑස් මහිධ වෙත යොමු කළේ ය.. මහීධගේ දිශාධර්ගය තරව ඇති දෑතෙහි නහරයන් පවා ඉපිලී ඇති බව ධනුර්මානට පෙනේ. නමුත් ප්‍රථමයෙන් පහර දීමටද නොසිතේ.. අනෙක් පසින් ගත් විට මහීධගේ සිතෙහිද ඇත්තේ වික්ෂිප්ත බවකි. ධනුර්මාන ඔහුට හිසරදයකි . අනෙක් අතට තමාට වඩා දස වසරක් ලාබාල ධනුර්මානයන්ට ප්‍රථමයෙන් පහරදීමට සාමය ප්‍රිය කරන මහීධට අපහසු කාර්යයකි.  

අවසානයේ ගැටුම කෙසේ හෝ ආරම්භ විය. මහීධ සිය ප්‍රථම පියවර ඉදිරියට තබද්දි ධනුර්මාන ප්‍රතිප්‍රහාර එල්ල කර හමාර විය. එවර මහීධගේ ප්‍රථම ප්‍රහාරය ධනුර්මානගේ දෙපා කරා එල්ල වුයේ ගුවන් පිම්මක ආධාරයෙන් ධනුර්මාන පැති හුවමාරු කරගනිද්දි යි. 

'' වූ හූ ධනුර්ර්ර්ර් !!!!! '' ධනුර්මානගේ ගුවන් පිම්මෙහි වූ අලංකාරය අමුතුවෙන් විස්තර කිරීමට අවැසි නොවූයේ සීහශාලිගේ හදිසි නැගි සිටීමත් සමස්ත මණ්ඩපයේ වුන් වූවන්ගේ ඔල්වරසන් තීව්‍ර වීමත්ද සමගිනි. මිධුනාථ සුලෝධජ දෙසට බැල්මක් හෙළුවේ ය. අඥානයාගේ මුහුණෙහි කුප්ප සිනහාවෙන් පෙනෙන පරිදි නම් සියල්ල ඔහුට උවමනා ලෙස සිදුවන හැඩකි.  සුලෝධජට අනුව මේ අවස්ථාවේ මහිධගේ මුහුණෙහිත් , කෝපාන්විත මිධුනාථගේ මුහුණෙහිත් කිසිදු වෙනසක් නොමැත. 

පළමු ප්‍රහාරයට වඩා දරුණුව දෙවන ප්‍රහාර වටය ඇසිල්ලක වේගයෙන් ක්‍රියාත්මක වූයේ ද්වන්ධ සටන දරුණු ගණයට ඇද දමමිනි. එවර නම් මරාන්තික සතුරන් දෙදෙනෙකු ගැටෙන්නාක් සේ දෙදෙනාම සත්‍ය වශයෙන්ම සටනට අවතීර්ණ වී ඇති සෙයකි. පිටියේ ඇවිස්සෙන දූවිලි අතරින් ධනුර්මානගේ වජ්‍රයථ තියුණු ලෙස සුළං කපාගෙන යන හඩ මණ්ඩපයේ සිටිය වුන්ට පවා ශ්‍රවණය කළ හැකි විය. මහීධගේ ප්‍රහාර වැළැක්වීම කොතෙක් වේගවත් වුවද ඔහු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පෙරම සුළං කපාගෙන එල්ල වන ධනුර්මානගේ මීළග ප්‍රහාරය ද වැළැක්වීමට සිදුව තිබුණි. අනික් පසින් ධනුර්මාන හුදෙක් පහර දීමට විනා තමා ආරක්ෂා කරගැනීමට අවධානයක් යොමු කරන බවක් නම් දිස් නොවී ය. ධනුර්මානගේ ප්‍රහාරවල වේගයත් , මහීධගේ ප්‍රහාරවල මාරාන්තික බවත් ක්ෂණිකව නිරීක්ෂණය කළ ශාලි එවර මෙල්ල වී නිහඩ වූ අයුරු සුලෝධජ සේම මිධුනාථද නිරීක්ෂණය කළේ ය. 

You've reached the end of published parts.

⏰ Last updated: May 16, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now