7.🎻

407 107 21
                                    

" ජිමින් හියුන්ග් "

" එන්න කුකී "
පීඩාකාරී සතිඅන්තයක් ගත කල ජිමින්ට ජන්කුක් දැකීම මහත් අස්වැසිල්ලක් විය.

ජන්කුක් ජනේලය අසල පුටුවක අසුන්ගත්තේය.
ජනේල් අතරින් පේරී ආ ලාහිරු රැස් ජනේල් පඩිය මත වූ කුඩ පොච්චිය මත තිබිනි. ඒ තුල තම පොඩි පෙති විහිදා හෙමෙන් හෙමෙන් දෑස් හැර අලුත් දිනකට ආයුබෝවන් කියන රෝසමල දෙස ජන්කුක් බලාසිටියේය.

ඒමල කොච්චර ලස්සනද ජන්කුක්ට සිතිනි.

එහෙත් ජිමින් සිතුවේ සන්ද්‍යාභාගයේ පරවී යන එක් මලක් පිලිබද නොවේ.

ජනේලය අසල සිට බලු පැටවෙකුගේ වන් අහිංසක දෑසින් දැන් තමා දෙස බලා සිටින ඒ සුන්දර තරුනයා දෙසයි. ජනේල් පඩිය මතවූ කුඩා රොස ගසේ පිපුනු මලින් වහනය වන සුවද වඩා සුවදක් ඔහුට ජන්කුක්ගෙන් දැනින.
වෙනදට තම පෙති තුලට සෙමෙන් කිදාබහින හිරු එලියෙ රැස් නිසා කාන්තියෙන් දිදුලන රෝසමල් අද මලානික වී පෙනෙනුයේ.

ඊටත් වඩා කාන්තිමත් මලක් ඒ අසල සිටින බැවිනි. ජිමින්ට එසේජන්කුක් ගැන සිතිනි.

" ඔයා හරී අමුතුයි "

" එහෙම නෑ කුකීයි. ඊයේ ටිකක් කරදර දවසක් ඒකයි. "

ජිමින් ජන්කුක් අසලින් හිදගත්තේය.

" හියුන්ග් කැමතිනම් මං ඔලුව අතගාන්නද "

" ඔයාට පුලුවන්ද "

" මං ඒ විදියට හියුන්ට ගෙවන්නම් "

" කොහොමද "

" හිත සනසලා "
ජන්කුක් ජිමින්ගේ හිසකෙස් අතරින් තම අතැගිලි ගෙන ගියේය.

" හ්ම්, දැන් ඔයා වයලින් එක හරි ලස්සනට ප්ලේ කරනවා. "

" ඔව් දැන් මං හියුන්ග්ගේන් ඉගෙනගන්න අරන් මාස දෙකක්නේ "
ජිමින් ඊට මදක් සිනාසින.

චිමිනිය මත දර දැවෙන හඩ හොදින් ඇසෙයි. සීත සෘතුව ලගම පැමිනෙන බැවින් මද සීතලක් ගත වෙලෙමින් තිබුනද චිමිනිය නිසා ඔවුන්‍ට සීතල නොදැනින.

" හියුන්ග් "
නිහඩ බව අතරින් ජන්කුක්ගේ කටහඩ සෙමෙන් ඇසෙයි.

" හ්ම් "

" මම දැන් වැඩිහිටියෙක් "
ජිමින් එක්වර දෑස් විවර කලේය.

" ඇත්තද "
ජිමින් සන්සුන්ව ඇසුවද ඔහුගේ හදවත වේගයෙන් ඇසෙයි.

" හා පැටියෝ. එන්න අපි පුරුදු වෙමු. "

" මං ලෑස්තියි හියුන්ග් "

ජන්කුක් ජිමින් හා එක්ව වයලින් වයන්න විය. ජන්කුක් තම වයලිනය සැරෙන් සැරේ නවතා දෑස් විසල් කොට ජිමින් දෙස බලන්න විය.

" හියුන්ග් ඔයා අද තාලය වරද්දනවා. "

" අහ්........."
ජිමින් තම වයලීනය කකුල් දෙක මත තබා දෑත් වලින් තම මුව වසාගත්තේය.

" ඔයාට කවුරුහරි කරදර කරනවද හියුන්ග් "
ජිමින් හිස ඔසවා ජන්කුක් දෙස බැලීය.

" එහෙම නෑ , හා පැටියෝ "

" ඇත්ත කියන්නකෝ,හියුන්ග්ට වද දෙන අයට මම දෙන්නම් හොද බොක්සින් ශොට් එකක් "

" බොක්සිං "
ජිමින් සිනාසින.

" ආ එහෙම කියන්න එපා හියුන්ග් මං කික්බොක්සිං දන්නවා "

" හොදයි හොදයි චන්ඩි හාවා දැන් ගෙදර යන්න . මට අද ටිකක් හිතට මහන්සී "

" හරි එහෙනම් ගිහින් එන්නම් හියුන්ග් "

ජන්කුක් නිවසින් පිටත්ට යන අයුරු ජිමින් බලා සිටියේය.




Kishu :-)

Melady in love || Jikook ||☑️Where stories live. Discover now