13.

519 124 99
                                    

කාලයත් එක්ක ජිමින් හා ඔහුගේ හා පැටියගේ ආදරය තවත් වැඩිවුනා. ජිමින්ට ඩිවෝස් එක ලැබුනා. ඒවෙනුවෙන් පොඩි කැපකිරිමක් ලෙස තම නිවස විකුනා දැමීමට ජිමින්ට සිදුවිය.

ජන්කුක් හා ජිමින්ගේ කැමැත්තට අනුව ඔවුන් නිස්කලංක පරිසරයක් පිහිටි නිවාස සංකීර්ණයකින් කුඩා නිවසක් මිලදි ගත්හ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





" හා පැටියෝ කිස් එකක් දෙන්නකෝ"
ජන්කුක් ජිමින්ගේ තොල් මත හාදුවක් තැබීය.

" අයියෝ නෑ, කුකී අර එදා වගේ කම්මුලට කිස් එකක් දෙන්නකෝ "

" කවදා වගේද හියුන්ග් "

" අර එදා මං බීපූ දවසේ ඔයා මට රෙද්ද පොරවලා කම්මුලට කිස් එකක් දුන්නේ "

" හියුන්ග් ඔයා කිව්වේ එදා උන මුකුත් මතක නෑ කියලා "
ජන්කුක් ජිමින්ගේ කම්මුල තදකලේය.

" ආයි කුකී, මතක නෑමත් නෙමේ, චුට්ටක් විතර මතකයි "

" හොර හියුන්ග් ආයේ බොරු කිව්වොත් මං හපනවා ඔයාව හව් ගලා පාර හිටින්නම "

" ආපෝ චන්ඩී හාවා ආයේ ඇගට වැහිලා"
" මෙහෙ එනවා දොයියන්න "
ජිමින් ජන්කුක්ව තම තුරුලට ගත්තේය.

ජිමින්ගේ පපුව මත ජන්කුක් තුරුලුවීසිටියි. සදඑලියේ රැස් පෙම්වතුන්ගේ නග්න සිරුරු මත පැලපදියම් වී ඇත.

කුටියේ තැනින් තැන නිවෙමින් පත්තුවෙමින් ඔබමොබ යන කණාමැදිරියන් පෙම්වතුන් කොදුරන ආදර බස් අසාසිටියි. උදෑසන සතුටින් පිබිදෙන්න බලා සිටින මල්පොහොට්ටු කණාමැදිරියන්ගෙන් ඒ ආදරබස් අසා දැනගනී.

" හියුන්ග් මේ මල් මෙච්චර ලස්සන ඇයි "
නිව් යෝර්ක් විදි පුරා සරුසාරව වැඩී ඇති මල් ගස් පෙන්වමින් ජන්කුක් ජිමින්ගේන් අසයි.

ජන්කුක් මෙන්ම ජිමිනුත් කිසිදිනෙක දැන නොගනි. ඒ මල් එපමන අලංකාරෙට පූදින්නේ, රාත්‍රියේ කණාමැදිරියන් විසින් හොර රහසේ අසා ගෙන ඇවිදින් මල්පොහොට්ටු වලට කොදුරන ඔවුන් දෙදෙනාගේ ආදර බස් නිසා බව.

(කණාමැදිරියෝ 🤔මල්පොහොට්ටු 🤔වලට කේලම් කියනවා🤔 මටනම් හොදටම පිස්සු😂 ශිකේ........ )

නිමි .........

ඊලයි ඔදේ . (ඉවරයි කියලා කිව්වෙ හොදේ😁🤧)

Kishu :-)

Melady in love || Jikook ||☑️Where stories live. Discover now