10.🎻

398 102 11
                                    

ජිමින් තමන්ට අයිතියක් සහිත වස්තුවක් ලෙස සලකා ජන්කුක් තම තුරුලට කොටසිටියි.

ජන්කුක්ට නින්ද ගොසිනි. ඔහු තවම ජිමින්ගේ උනුසුම් පපුවට තුරුලු වී සිටියි. ජිමින් ජන්කුක්ගේ රෝස කම්මුල් මත හාදුවක් තබා සෙමෙන් නැගී සිටියේය.

තම වස්ත්‍ර ඇගලා ගත් ජිමින් සැරසුනේ තම අතින්ම සාදන ලද ආහාර වේලක් ජන්කුක්ට පිලිගැන්වීමටය.

ජිමින් මදක් සිනාවෙමින් මුලුතැන්ගෙට පිවිසුනේ ජන්කුක්ව තම ලගින් වාඩිකරවා ඔහුට තම අතින්ම ආහාර කැවීමට සිහින දකිමිනි.

" කවුද මේ වෙලාවේ "
ජිමින් තම දොරට තට්ටු කරන බැවින් ගොස් දොර විවර කලේය.

" ඔයා "
ජිමින් කෑගැසීය.

" ඇයි බබා "

" මොකටද මෙහෙට ආවේ. "

"අනේ විකාර නැතුව එහාට යන්න බබා මට ඇතුලට එන්න "

" මේ දොර උබට වැහිලා ගොඩක් කල් "
ජිමින්ගේ බිරිද ජිමින්ව තල්ලු කොට නිවසට ඇතුල් විය.

ලිලී (ජිමින්ගේ බිරිද 😁) ජිමින් දෙස බලාසිටියි. ඇගේ තියුනු දෑසට ජිමින්ගේ ගෙලෙහි දම්පැහැ පැල්ලම හසුවිය.

" ආ මට කිව්වට ඔයත් "

" ඔව්, මටත් පුලුවන් මං කැමති වෙලාවට ඕන කෙනෙක් එක්ක ඉන්න " ජිමින් කට කොනින් සිනහවී තම දෑත් ඉන මත තබාගත්තේය.

" ආනේ මේ ඉන්නේ එයාද "
ලිලී තම දෑත් එක්කොට කීය.

ජිමින් පිටුපස හැරිනි.

" ජන්කුක් " ජන්කුක් තමන්දෙස බලා සිටියි. ඔහුගේ දෑස් වල කදුලු පිරි ඇත.

Jungkook heart is broken

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Jungkook heart is broken

" අනේ මගේ හා පැටියෝ මං ගැන වැරදියට හිතන්න එපා "
ජිමින් හිතින් මුමුනයි.

ලිලී ජන්කුක් අසලට ගොස් ඔහුගේ ගෙල දෙපස හරවා බැලීය. ජන්කුක්ගේ ගෙලෙහි හා පපුව මත ජිමින් විසින් සිදුකල පැල්ලම් ඈ ඇගේ දිගු නිය සහිත ඇගිලිවලින් තද කලාය.

" හ්ම්........... ජිමින්ගේ සෙල්ලම් බඩුවක් වෙන්නවට එයා ඔයාට කියක් ගෙව්වද "
ජන්කුක් තම දෑස පොලව දෙසට පහත් කොට ගත්තේය.

" ලිලී ඕක නවත්තනවා, යනවා මෙහෙන් "

" මගේ වන්දි මුදල ලෑස්තියිනේ "

" ඒක උසාවියෙදි බලාගමු, දැන් යනවා. "




" ජන්කුක් " ජිමින් ජන්කුක්ගේ කම්මුල මත තම දකුනත තැබීය.

" යන්න අහකට "
ජන්කුක් ජිමින්ව පසෙකට කලේය.

" අනේ ජන්කුක් "

" එයා කිව්වා හරි, ඔයාට මාව සෙල්ලන් බඩුවක් , "

" එකී කියන ඒවා හිතට ගන්න එපා "

" හරි , එතකොට ඔයා කිව්වේ මං කැමති වෙලාවක මට ඕන කෙනෙක් එක්ක එකට ඉන්න පුලුවන් කියලා.
ඒකියන්නේ මාව ඔයාට ඕන වුනේ ඔයාගේ ආශාව ඉෂ්ඨකරගන්න විතරයි. "

" නෑ ජන්කුක් එහෙම නෑ. අද මම ඔයාට රිද්දුවනම් මට සමාවෙන්න............"

" එතකොට එදා "
ජන්කුක් කෑගැසුවේය.

" එදා කිව්වේ "






එදා කියන්නේ කවද්ද එදා මොකද වුනේ.

Yoonmin කියවන අය ඉන්නවනම්
THE LESSON කියවලා Comment එකක් දාන්න.

Kishu :-)

Melady in love || Jikook ||☑️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ