🌬️TIME GOES

15 5 0
                                    

අමරයා සෝමෙට යන්නම් කියලා හෙමින් සීරුවෙ පයින් පයින් ම ගෙදර එන්න ආවා.

මගදි හම්බුනේ ජිල්බෝල මාස්ටර්ව. ඒ තමයි ජිමින්ගේ college එකේ kickboxing මාස්ටර්.

"ආ මාස්ටර් annyeong"

"අයියෝ ආයුබෝවන් කියාපම් පුතා. මම කොරියාවෙ තමයි ඒත් දැන් ලංකාවෙ සිංහල බාසාව ලෝකෙම රැල්ලක් වෙලා නෙ. තෝ විතරක් මේ කොරියාවෙ විතරක් තියෙන කොරියා බාසාවම කතා කර කර හිටපම්. සිංහල ඉගෙන ගත්තා නම් ලංකාවට පැනගන්න පුලුවන් නෙ. උපුල් උන්නැහේට කියලා සිංහල ඩිංගිත්තක් පුරුදු උනා නම් හරි"

"ආ මට සිංහල වතුර වගේ මාස්ටර්"

"නියමයි පුතා. දැන් boxing ගහන්නැද්ද?"

"වැඩිය නෑ මාස්ටර් මම කේක් හදනවා"

"ආ හොදයි පුතා. ගිහින් එන්නම්"

"හරි මාස්ටර්"

"ආයුබෝවන්"

"ආයුබෝවන්"

ජිමින් මාස්ටර්ට කතා කරලා කෙලින්ම ගෙදර ගියා. ඒත් ගෙදර දොර අරින්න ඔන වුනේ නෑ. ඒක කවුදෝ කඩලා. හොරු පැනලා වත් ද? බයෙන් බයෙන් ගිහින් ජිමින් දොර ඇරලා බැලුවා.

හපොයි.... සේරම කණපිට පෙරළලා. මොනාද වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න බැරුව ජිමින් දිව්වෙ සල්ලි ලාච්චුවට. ඒත් ඒකට අත වත් තියලා නෑ. හැමදේම පෙරළලා දාලා. හැම කාමරේකට ම ගිහින්. ජිමින් ඉක්මනට කතා කරේ ජින්ට.

"අඩේ මගේ ගෙදරට හොරු පැනලා ජිනී. ඉක්මනට එන්නකෝ"

"අප්පටසිරි ඉන්න මන් දැන් ම එන්නම්"

විනාඩි 05ක් ගියේ නෑ දොරේ ඉතුරු ටිකත් කඩාගෙන පාත් උනේ ජින්.

"මේ මොකද වෙලා තියෙන්නෙ"

"ඒක තමයි"

"සල්ලි නැති වෙලාද"

"පේන විදියට නම් කිසි දෙයක් නැතිවෙලා නෑ නෙ. වැරදිලා මගේ ගෙදරට ඇවිල්ලා වත් ද?"

"ආං ආං අර බලන්න මේසෙ උඩ තියෙන කොලේ"

"මෝක....
මේ මොකක්ද" ඇස් පොල්ගෙඩි කරන් වෙන කිසි දෙයක් හිතා ගන්න බැරැව ජිමින් ජින් දිහා බලන් ඉන්නවා.

Chocolate ChipsWhere stories live. Discover now