🌬️TIME WALKS

5 4 0
                                    

ජිමිනා නැති අතරෙ යුන්ගි ටේ දිහාට හැරිලා එයාව කතාවට අල්ල ගත්තා. ටේ වැළමිට මෙට්ටෙට බර කරලා නිකට අල්ල උඩින් තියාගෙන බලන් ඉන්නෙ යුන්ගි කතා කරනකම්.

"මම ඉතින් ඔයාට ටේටේ කියන්නම්. බය වෙන්න එපා මම පොඩ්ඩක් නපුරුයි වගේ පෙනුනට එහෙම නෑ. මම මෙහෙට ආවෙත් රස්සාවක් හොයාගෙන. මේ වගේ දියුණු රටක නැතුව අපි වෙන කොහෙ යන්නද ඉතින්. මට තනියෙන් රූම් එකකට ගෙවන්න බෑ ඒකයි රූම්මේට්ස්ලා හෙව්වෙ"

"ඔව් ඇත්තටම මාත් හිතුවෙ අපි දෙන්නට තව රූම්මේට් කෙනෙක් හිටියා නම් හරි කියලා. දැන් ඒකත් හරි නේ"

"ඔයාලගෙ බඩු තාම මෙතන. අද ද ආවෙ?"

"ඔයා එන්න පැය බාගෙකට විතර කලින්"

"මන් ආව ෆ්ලයිට් එකේ මම දැක්කෙ නම් නෑ ඔයාලා වගේ දෙන්නෙක්"

"අහ් හී හී ඔව් අපිත් දැක්කෙ නෑ තමයි හී හී මේ ඒක නෙවෙයි මොකක්ද ඔයාගෙ ඇහැ ළග තියෙන කැළැල නිකන් ගැඹුරට වැදුන පිහි පාරක් වගේ"

"ආ ඒකද මේ අපෙ හ්යොන්ග් මට ගහලා කැපුනේ වැඩිය හිතන්න එපා හහ්"

ඒ අතරේ ඇඳුම් ඇඳගෙන හිනා වෙන ගමන් ආයෙත් එළියට ආවෙ ජිමින්.

"ආ මෙයාලා නම් දැනටමත් හොඳ යාලුවො වෙලා වගේ..."

"ඔව් මට නිදි මතයි. විනාඩි 20කින් නැගිට්ටවනවද ජිමින්?" යුන්ගි ඇඟමැලි කඩන ගමන් ජිමින්ට කිව්වා.

"ඒයියා ඇග හෝදන් එනවකො මනුස්සයෝ" ටේ ඇහිබැම අකුලලා යුන්ගිට ඔරවව්වා. ඒත් ජිමින්ට හිනා.

"ඔයත් ආව ගමන් ඇඳටනෙ පැන්නෙ ටේ"

යුන්ගි ජිමින් හිනා වෙද්දි ටේ තොල්වලින් විරිත්තලා කොට්ටෙට මූණ ඔබාගෙන ආයෙත් ඇඳට පැන්නා.

ජිමින් ඇඳ පහු කරගෙන ජනේලෙ ළගට ගිහින් තිර රෙදි දෙපැත්තට කරලා ජනේලෙ ඇරියම ලා රස්නෙ ඉර එළිය a/c කරලා තියෙන කාමරේ වටේම පැතිරිලා ගිහින් ඇතුලෙ තිබ්බ සීතල උරා ගත්තා. ජනේලෙට ළගම ඇඳ තිබ්බෙ ජිමින්ටයි ටේටයි. එයා ඒකට ගොඩක් කැමති වුනා. ජනේලෙන් එළියට හෙමින් ඇවිදන් බැල්කනි එකේ වැටට බර වෙලා ඇස් පියාගෙන ගැඹුරු හුස්මක් අරන් ඇස් ඇරිය එයා දැක්කේ පැහැදිලිව පෙනුන කඳු. ඒවා තද කොළ පාටයි. ඉර එළිය නිසා තවත් ලස්සනයි.

Chocolate ChipsWhere stories live. Discover now