චාවොක් කිව්ව හැමදේම හිමින් සීරුවෙ උපුල් අනිත් අයට තේරුම් කරලා දුන්නා. හැමෝගෙම වැඩි අවධානයක් ගියේ ජින් ගැන චාවොක් කිව්ව කතාවට. ඒකෙ මොකක් හරි යටි අරමුණක් හැංගිලා තියෙන්න පුලුවන්. ලංකාවෙ අය වගෙ කොරියාවෙ අය කෙලින් වැඩ කරන්නෙ නැති නිසා චාවොක්ගෙ හැම වචනයක් ගානෙම ලොකු රහසක් කැටි වෙලා තියෙනවා කියෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
"මං දන්නවා පුතා මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම දේ හිටං"
විනාඩි ගානක් තිබ්බ ගැඹුරු මූසල නිහඬතාව බින්දේ රංජිත් කටහඬ. ජිමින් අහන්න බලාපොරොත්තු ම වුන වචන පේළිය "මම දන්නවා මොකක්ද කරන්න ඕනෙ කියලා" ජිමින් දැන් ඇත්තටම ගිනි ගොඩකින් නිදහස් වුන ගානයි.
"පුතා ලංකාවට ගිහින් හිටං ටික කාලෙකට හැංගිලා ඉන්න"
"මොකක්? ලංකාවට යන්න? ඒත් මාමේ මම කවදාවත් ගිහින් නැති රටක තනියෙන් නොමැරී ඉන්නෙ කොහොමද? අනික....."
"ආ හා දැන් කතා කරන්න දඟලන්න එපා පුතා මමත් ඒකට කැමතියි"
උපුල්ගෙ හිත එපා කියද්දි මොළේ බල කරේ පුතාට යන්න දෙන්න කියලා. එයාට විකල්පයක් නෑ."රංජිත් ඔයාට පුලුවන් ද කොල්ලව බෝට්ටුවකින් යවන්න? අහු වෙලා සුමාත්‍රාවට පිටුවහල් කරයි වත් ද?"
"පිස්සුද උපුල්? මම කොරියාවෙ navy officer කෙනෙක් උනේ අඹ කඩලා ද හිටං? මම ගානට වැඩේ කරලා දෙන්නම්. පුතා අද රෑ ම ලෑස්ති වෙනවා නම් හොඳයි. පොලිසිය ආවොත් හිටං ගැලවුමක් නම් නෑ"
"මමත් යනවා නේද අප්පා ජිමිනා එක්ක"
"උඹ කොහෙ යන්නද ජිනදාස? මෙහෙ හිටපම් ගෙදරට වෙලා හිටං"
YOU ARE READING
Chocolate Chips
FanfictionYOONMIN SHIP STORY🍃💜 Jimin Amarathunga, whose father is a Sri Lankan comes to Sri Lanka to escape and meets a boy called Yoongi. Who is Yoongi? Will they fall in love? Who are you? 'Cause you're not the boy I fell in love with, baby Who are you...