🌬️TIME LEAVES

6 4 0
                                    

තද අව්ව පායලා මුළු කාමරේ ම රත් කරද්දි ජිමින්ටත් කලින් නැගිට්ට ටේ.. එයා උදේම නාලා සීත නැති වෙන්න රොබරෝසියා ගහ යට තියෙන පොඩි බංකුවෙ ඉඳගෙන කෝපි බොනවා. ලංකාවෙ කෝපි, ලෝකෙ ඉස්තරම්ම කෝපි. ටේ කැමති ම ඒකෙ සුවඳට. කොරියාවෙදි වුනත් එයා නිතරම බිව්වෙ ලංකාවෙ කෝපි. ගහ පාමුලට වැටෙන රෝස පාට මල් ටේගෙ ඔලුව උඩත් රැඳිලා.

යුන්ගි අමුතුවෙන් නැගිටින්න එයාට නින්ද ගියේ නෑ නෙ. එයා ගෙනාපු ඇඳුම්, කබඩ් එකට දාලා අස් කරන ගමන් හිටියේ ජිමින්ට පිටුපාලා. කබඩ් අරින වහන සද්දෙට ජිමිනාත් නැගිට්ටා. එයාගෙ ඇඳ ළග උණු කෝපි කෝප්පයක්.

"යුන්ගි මොකද කරන්නේ morning" ජිමිනා ලාවට ඇස් ඇරලා යුන්ගිට කතා කරා.

"ආහ් ඔයා නැගිටලා, good morning ජිමිනා" කටහඩ අහන්න බලාපොරොත්තුවෙන් හිටියා වගේ යුන්ගි පැනලා උත්තර දුන්නෙ.

"කෝපි මට ද?"

"ටේටේ අපි දෙන්නටත් කෝපි හදලා. මම ඇඳුම් ටික අස් කර ගන්නවා" ඇඳුම් නවන ගමන් යුන්ගි කිව්වෙ කිසි ගානක් නැතූව.

"හරි එහෙනම් මම මූණ හෝදගෙන එන්නම්කො. කෝ ටේ?"

"ආන් ඔයාගෙ ගහ අයිති කරගෙන"

"මොන? රොබරෝසියා ද? ><" ඇස් හීනි වෙන්න හිනා වෙවී නළල අතගගා ජිමිනා කියනවා.

"ඔව් ඔව් ><"

ඇඳෙන් බැහැලා රැක් එකෙන් ටවල් එක කරට දාන් ඇඟමැලි කඩ කඩ ජිමින් හෙමින් හෙමින් බාත්රූම් එකට ගියා. උදේට නානවා කියන්නෙ ජිමින්ට කරන්න බැරි වැඩක්. ටබ් එකට උණු වතුර පුරවලා බොරුවට නානවා වගේ පැය බාගයක් බැහැලා ඉඳලා ඇඟ රස්නෙ කරගෙන ටවල් එක ඇඳගෙන නෑවා වගේ චිම් එළියට ආවා. කොල්ලා ළග හරි සුවඳයි. එළියට එද්දි තාමත් කබඩ් එක අස් කර කර හිටිය යුන්ගි හිතුවෙ කොල්ලා ඇත්තටම නෑවා කියලා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: May 18, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Chocolate ChipsWhere stories live. Discover now