🌬️TIME PASSES

7 4 0
                                    

"තව විනාඩි දහයකින් අපි ත්‍රිකුණාමලය වරායෙ නැංගුරම් දානවා මහත්වරුනි. ඉතින් අපි ඔයාලව ආරක්ෂිතව එක්කන් ආවා. එතනින් එහාට ජීවිතේ වසන්තය හොයා ගන්න එක ඔයාලට බාරයි. පරිස්සමින් ඉන්න ඕනෙ"

"අපිට කොහොම ස්තූති කරන්නද කියලා හිතා ගන්න බෑ. මේකට මමයි ටේයි ණයගැතියි"

"එහෙම කියන්න එපා. ඕන වෙලාවට උදව්වක් නැති යාලුකමකින් ඇති වැඩේ මොකක්ද... එහෙනම් තරුණ මහත්වරුනි, සුභ ගමන්"

"ස්තූතියි ඔබටත්"

නැව වරායට ගියාම ජිමින් ටේ එක්ක නැවේ වැඩ කරන හැම කෙනෙක්ටම ස්තූති කරලා සමු දීලා බඩුත් අරන් නැවෙන් බැස්සා. මුහුද මැදට වඩා
වෙරළ ගොඩක් රස්නෙයි. කතා කරන දේවල් ඇහෙන්නෙ නැති ගානට රළ ඇවිත් ගල්පරවල වදින සද්දෙ. ලංකාවෙ හුස්මක පවා තියෙන්නෙ කියාගන්න බැරි තරම් පිරිසිදු ගතියක්. පෙණහලු පිරිලා යන්න හොඳ හුස්මක් ගත්ත ජිමින් ටේගෙ අතින් අල්ලගෙන වරායෙන් බැහැලා වැලි වෙරළට හෙමින් අඩිය තිබ්බා. වැල්ල තඹ පාටින් දිලිසෙනවා. රළ නිතරම වෙරළට එන්නෙ ඒ තඹ වැල්ල කොච්චර වැළඳ ගත්තත් මදි කියලා හිතෙන නිසා වෙන්න ඇති. වැල්ල පහු කරගෙන රට ඇතුලට ඇවිදන් ආපු ජිමින් නතර වුනේ ප්‍රධාන පාරක් කියලා හිතන්න පුලුවන් වාහන හැම වෙලේම එහෙ මෙහෙ යන පාරක් ළග. මූණ ඉස්සරහින් ඇස් වහගෙන වැටිලා තිබුන කොණ්ඩෙ අතින් පස්සට කරලා එයා කතාව පටන් ගත්තා.

"අහන්න ටේ. අදින්, නෑ මේ වෙලාවෙන් පස්සෙ අපි එකට වැඩ කරපු කාලෙ ඉවරයි. ඔයාට ඔයාගෙ පාරෙ තනියෙන් යන්න වෙනවා. මටත් එහෙමයි"

කොල්ලා කිව්ව කිසි දෙයක් හිතට එකගව නෙවෙයි කිව්වෙ. ඒත් එයාට කරන්න වෙන දෙයක් නෑ. අප්පා කොහොමත් ටේට එයත් එක්ක ඉන්න දෙන එකක් නෑ කියලයි එයා හිතුවෙ.

"අ.. අනේ මේ වගේ වෙලාවක විහිලු කරනවද මෝචි? එන්නකො අපි යමු"

"මාව අතාරිනවා ටේ. තමුසෙ ආවෙ සල්ලි හොයන්න. මම ආවෙ වෙන දේකට. අපිට කොහොමත් එක විදියට ඉන්න බෑ. මම ආවෙ නැත්නම් කොහොමත් තමුන් තනියෙන් නේ. මම කියලා කෙනෙක් හම්බුනේ නෑ කියලා හිතලා අදින් පස්සෙ වැඩ කරන්න එහෙම නැත්තන් අපි දෙන්නම අමාරුවෙ"

Chocolate ChipsWhere stories live. Discover now