🌬️TIME RUNS

9 5 0
                                    

හරි ම දරුණු අහස හෙල්ලෙන තරම් හයියෙන් කෑගහගෙන බිම වැටුනෙ හොරා.

"දෙවියනේ"

"එන්න ඉක්මනට බලමු මාචු යතුර හොයා ගන්න"

"මේ තියෙන්නෙ බෙල්ට් එකේ"

මාංචු ලිහාගෙන ජින්ගෙ කකුල කපාගෙන බැහැලා තිබ්බ කිණිස්ස ඇදලා අයින් කරලා ජිමින් ඉක්මනින් එයාගෙ ටී-ෂර්ට් එක ගලවලා ලේ ගලන එක නවතින්න ජින්ගෙ තුවාල වටේ තදින් එතුවා.

"oh my god"

"නාඩි වැටෙනවද බලන්න අර හොරාගෙ"

"මොලේ විකාර වෙලාද නාඩි වැටෙනවද බලන්න ජිමින්"

ලේ විලක් මැද උඩු අතට වැටිල හිටිය හොරාගෙ ඔලු කට්ට කුඩු කරගෙන ජිමින් යැව්ව උණ්ඩයක් ගිහින්. මොළේ මස් කෑලි තැන තැන වැටිලා. වාහනේ වීදුරු තනිනර ලේ බිංදුවලින් වැහිලයි තිබුනෙ.

"මං මොනාද දෙවියනේ මේ කරේ. මට කරකැවිල්ල වගේ. අපි ඉක්මනින් පැණ ගමු"

සියුමැලි හිතක් තිබ්බ ජිමින්ට වගේම ජින්ටත් මේ වුන දේවල් දරා ගන්න අමාරු වුනා. ලේ කියන්නෙ දෙන්නටම කොහෙත්ම සුලු දෙයක් නෙවෙයි. ජින්ගෙ ඇගේ එල්ලිලා අමාරුවෙන් දෙන්නම ඇවිදන් ආවෙ පාලු පාර මගෑරලා එළියට එන්න. පාලු තැන් කියන්නෙ මේ වගේ සාමාන්‍ය අයට කොහොමත් ආරක්ෂිත තැන් නෙවෙයි.

"කවුරුත් අපිව දැක්කොත් අනිවාර්යෙන්ම අපිව අහු වෙයි. මගෙ ෆෝන් එක තිබ්බා නම් අප්පට ගන්න තිබ්බා. දැන් මොකද කරන්නෙ අපි"

"මෙතනින් පාලු පාර ඉවරයි ජින්. ඔයා මෙතනින් වාඩි වෙලා ඉන්න මම ප්‍රධාන පාරෙ යන කෙනෙක්ගෙන් අප්පට කතා කරලා උදව් ඉල්ල ගන්න බලන්නම්"

අත්වල ගෑවිලා ගල් වුන ලේ ජින්ගෙ ඇඳුමෙන් පිහදන ගමන් ජින්ව බිමින් ඉන්දවලා මූණ පුරා තිබ්බ බය නැති කරලා බොරු හිනාවක් මවාගෙන එයා හෙමින් හෙමින් කැලෑවෙන් එලියට ආවා.

පාරෙ බල්ලෙක් වත් නෑ. ටිකක් දුර පාරෙ ඉස්සරහට ඇවිදන් ආවෙ උදව් ඉල්ලන්න පුලුවන් කවුරුම හරි ඇතිනේ කියලා හිතන ගමන්.

ජිමින්ගෙ පිරුණු රෝස තොල් වේලිලා ගිහින්. නිරුවත් උඩුකයේ උරස් කුහරය ඇතුලෙන් හදවත ගැහෙන සද්දෙ එළියට ඇහෙන තරම්. තැන තැන ලේ වේලුන ලේ පැල්ලම් එක්ක සුදුමැලි අත් වෙව්ලනවා. වේගෙන් ඒත් කෙටි හුස්ම ගන්න ගමන් තව තවත් ඉස්සරහට ගිය ජිමින් දැක්කෙ බයිසිකලයක් පැදන් එන වයසක හාදයෙක්. ජිමින් ළගටම එයා පැදගෙන ආවම වෙව්ල වෙව්ල කතා කලා.

Chocolate ChipsDove le storie prendono vita. Scoprilo ora