🌬️TIME MOVES

10 3 0
                                    

මුහුද අයිනෙ හිටිය හැම කෙනෙක් ම ටික ටික නොපෙනී ගියත් ජිමින්ගෙ චූටි අත නම් දෙපැත්තට වැනෙන එක නැවතුනේ නෑ. ටිකෙන් ටික එයාව ඈතට ඇදිලා යනවා. හැම හොඳ දෙයක් මත් ඒ විදියට ම ඈත් වෙනවා. දිග තඹ කොණ්ඩේ නළල ඉස්සරහින් මූණට වැටිලා ඇස් 02 වහගෙන. කොණ්ඩ ගස් තෙමාගෙන උණු කඳුලු බිංදු සීතල හුළගට එකතු වෙනවා. අතින් කොණ්ඩේ පස්සට කරලා නැවේ බඳට අත් දෙකෙන් ම බර වෙලා ඈත කොරියාවෙ පේන පොඩි පොඩි ලයිට් එළි දිහා බලාගෙන ඉන්න ජිමින් එක පාරට ගැස්සුනේ උරහිසට වැටුණ අතක් නිසා.

"අහ්... ඔයා ජිමින් නේද"

"හ්ම්ම්" ඒ කෙනාගෙ පැත්තට හැරෙන ගමන් කිව්වා.

"අපි දෙන්නගෙම ගමන නවතින්නෙ එකම තැනකින්. කැමතිද මාව අඳුර ගන්න?"

"ඒ කිව්වෙ"

"මම කිම් ටේහ්‍යුන්. දේගු වල ඉන්නෙ. ඇත්තටම මගෙ අප්පා ගොවියෙක්. මට රස්සාවක් හොයාගෙන ලංකාවට යන්නෙ"

සීත වුන අතකින් ජිමින්ගෙ පොඩි අත තදින් අල්ලගෙන හොල්ලන ගමන් ලස්සනට හිනා වෙලා එයා කිව්වා.

"මම දැක්කෙ නෑ ඔයා ඉන්නවා"

"ඔයාට කලින් මම නැගලා හිටියෙ. මම නම් දැක්කා ඔයා පවුලෙ අයට අත වනනවා. ඒකයි කරදර කරන්න ආවෙ නැත්තෙ. බෝට්ටුවෙ හ්යොන්ග් මට ඔයා ගැන විස්තර ටිකක් කිව්වා. ඉතින් දැන් ඉදන් අපි දෙන්නා යාලුවො. අඳුරන කෙනෙක් ඉන්න එක කොහොමත් හොඳයි නේ...."

ජිමින්ගෙ අත අතෑරලා එයාගෙ රතු වුන හුරුබුහුටි කම්මුල් මිරිකන ගමන් ටේ කිව්වා. ඒ පිරුණු රතු කම්මුල් තවත් රතු වෙන්න ගන්නවා. ජිමින්ට ලැජ්ජයි.

"එන්න යමු ඇතුලට. අපිට තව කතා කරන්නත් තියෙනවා නේ... යමු යමු"

ජිමින්ගෙ අතින් ඇදගෙන ටේහ්‍යුන් ගියේ පොඩි බෝට්ටුවේ ඇතූලට. ඒ එයා බෝට්ටුව ඇතුලේ පොඩි කාමරේ දකින පළවෙනි වතාව. එක එක බාල්දි ගොඩක්, අයිස් පෙට්ටි, දැල් වගේ එක එක දේවල්වලට වට වෙලා තිබ්බ මෙට්ටයක් බිම එලලා තිබ්බ බෝට්ටුව, ඇත්තටම අපිළිවෙළයි. ඒ ළගම ටේහ්‍යුන්ගෙ බෑග් දෙකක්. ඊට පස්සෙ ජිමින්ගෙ බෑග්. බෝට්ටුව ලී වලින් හදලා තිබ්බ නිසා තැන් තැන් දිරලා ගිහින්. එයාලගෙ සපත්තු ලීවල වදින හැම පාරම ක්‍රීන් ගාන සද්දෙ මතුවෙනවා. දෙන්නම පරණ මෙට්ටෙ උඩින් වාඩි වෙලා කාමරේ හදලා තිබ්බ ලී බිත්තියට හේත්තු වුනා. ටේහ්‍යුන් ජිමින්ගෙ උරහිසින් ඔලුව තියලා ජිමින්ගෙ මූණ දිහාවට ඇස් කරකව්වේ හරි හුරතල් විදියට.

Chocolate ChipsWhere stories live. Discover now