02. New Friend 🤗

887 156 49
                                    

Minhee pov

මම දුවගෙන ගිහින් කෙනෙක්ගේ ඇගේ හැප්පුනු පාර එහෙම්ම ම ඇස් පියාගත්තා ඒත් මම වැටුනේ නැති නිසා මම ඇස් ඇරලා බැලුවා

ටිකකට කලින් මගේ දිහා බලාගෙන හිටපු කොල්ලා..........

ඒ ඇස් දිලිසෙනවා හරි ලස්සනයි මොකද්දෝ හුරුපුරුදු බවක් දැනෙනවා

ඒත් එක පාරට මේ යකා මාව අතහරින්න

" ආව්...."

බිම වැටුනු පාර මට ධූමකේතු වල්ගා තරු මන්දාකිණි ග්‍රහලෝක සරලවම කිව්වොත් මුලු සෞරග්‍රහ මණ්ඩලයම පෙනුනා

" තමුසෙගේ ඇස් පොට්ට ද ඇවිල්ලා මගේ ඇගේ හැප්පෙන්න තරමට "

" මියානේ මම දැක්කේ නැ "

" දැක්කේ නැද්ද දැකලත් නොදැක්කා වගේ ඇවිත් හැප්පුනා ද "

මූට පිස්සු ද දැකලා ඇවිත් හැප්පෙන්න චාල්ස් කුමාරයා ද දන්නේ නැ

" මම කිව්වා නේ මියනේ මම දැක්කේ නැ "

" යා ජිනා ඕක අතහැරපන් පොඩි කෙල්ලෙක් නේ බන් "

ලස්සන හිනාවක් තියෙන කොල්ලෙක් එහෙම කිව්වා අම්බෝ ඒ හිනාව උදේට දැක්කොත් දවසම හොදයි හරියට ඉර පෑව්වා වගේ

" හ්ම්ම් තමුසේ ආපහු මගේ ඉස්සරහට ආවොත් තමුසෙට මොනවා කරයි ද දන්නේ නැ "

එහෙම කියලා ගියා අනේ අපි බය වෙයි පුදුම ලොකුකමක් නේ තියෙන්නේ ඌට ගිය යුනි එක

" මොකද්ද බන් ඒ වුනේ "

සෝහියා මගේ ලග ඇවිත් ඇහුවා

" අනේ මන්දා බන් කොහෙද යන පිස්සෙක් ද කොහෙද "

" මොනා වුනත් කොල්ලා ලස්සනයි බන් "

ඔය කිව්වේ ඉතින් මේකිට ඉතින් ත්‍රස්තවාදීයෙක් උනත් කමක් නැ හැන්සම් නම්

" මෙන්න මෙහේ වරෙන් යන්න "

මම සෝහියා ඇදගෙන ගියා අපි යුනි එක වටේම ඇවිදලා අන්තිමට ආවේ cafeteria එකට

" මේ ඕයි උබ අදත් වැඩද "

සෝහියා මගේ දිහා බලලා ඇහුවා

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now