18.Trouble 😟

567 127 45
                                    

" මට බොන්න ඕනි "

එකපාරට ජීහි කියපු කතාව නිසා ඔක්කොම ජීහි දිහා බැලුවා

" මොකද ඔහොම බලන්නේ මම වැරැදි දෙයක් කිව්වේ නැ නේ "

" මගෙන් මුකුත් නාහ ඉන්නවා ජීහි "

මින්හී රවාගෙන කිව්වා

" යකෝ ඒක තොපිට බොන්න පුලුවන් මට බැ ඒක යකාගේ වැඩක් වුනා නේ මම ගිහින් මානව හිමිකම් උල්ලංඝනය කලා කියලා තොට විරුද්ධව නඩුවක් දානවා "

ජීහි ඇගිල්ල දික් කර කර කිව්වා

" දැන් මම මේකට බය වෙන්න ඕන ද "

මින්හී ඇහුවා

" බොරුවට හරි බය වෙයන් යකෝ නැත්නම් පොඩි එකාගේ හිත රිදෙයි "

සෝහි කිව්වා

" මම තොට කිව්වා කියලා හිතාගනින් සෝහි "

" අනේ සූටි පැටියාට කේන්ති ගිහින් අනේ "

සෝහි ජීහිගේ කම්බුල් දෙකෙන් අල්ලලා කිව්වා අනිත් අය මේ දෙන්නාගේ කෝලම් බල බලා හිනා වෙනවා

" ගනින් ඔය අත් දෙක "

ජීහි සෝහිගේ අත් දෙකෙන් අල්ලලා ගෙන කිව්වා හිනා වෙවී හිටපු අයගේ හිනාව නැති වෙලා ගියේ ඊලගට ආපු කෙනා හින්දා ජින්ගේ ඇස් කේන්තියෙන් රතු වෙලා ජින් අල්ලාගෙන හිටපු මින්හීගේ අත තද කරලා අල්ලා ගනිද්දී මින්හී අනිත් අත ජින් අත උඩින් තිබ්බේ තරහ ගන්න එපා කියන්න වගේ

ඒ ආවේ සේහුන්.........

සේහුන් කියන්නේ මිස්ටර් පාක්ගේ පුතා..... මිස්ටර් පාක් කියන්නෙත් මාෆියා වලට සම්බන්ධ කෙනෙක්

සේහුන් කට කොනින් හිනා වෙලා ජින් හිටපු තැනට ඇවිත් මින්හී දිහා බැලුවා

" මම උබව මෙතනදී බලාපොරොත්තු වුනේ නැ "

සේහුන් ජින් දිහා බලාගෙන කිව්වා

" මම දන්නෙත් නැ නේ බල්ලෝ පාටි වලට එනවා කියලා "

ජින් කටකොනින් හිනා වෙලා කිව්වා සේහුන් හිටියේ තරහෙන් වුනත් ඒක පෙන්නන්න ගියේ නැ   සේහුන් මින්හී දිහා බලනකොට කෙල්ල රවලා අහක බලාගත්තා

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now