13.I Will Kill Him 😡

751 125 59
                                    

Author pov

ජන්කූක් ටේහ්යුන් දෙන්නා ගෙදර ගියා

" කොහෙද යකෝ ගියේ වලිගේ ගිනි ගත්තා වගේ "

ඇතුලට යනකොට ම ජිමින් කෑගහගෙන ආවා

" මින්හීගේ ගෙදර "

ටේහ්යුන් කියද්දී අනිත් අයත් එතැනට ආවා යුන්ගි නම් සුපුරුදු පරිදි සෝෆා එක බදාගෙන නිදි

" උබ මොකට ද එහේ ගියේ "

ජින් අහද්දී ජිමින් කුප්ප හිනාවක් දාගෙන ජින් දිහා බැලුවා

" මගේ වුවමනාවකට නෙවෙයි හියුන්ග් ගියේ මෙන්න මේ හාවා තමයි මාව ඇදගෙන ගියපු එක හොදයි නැත්නම් අර පොඩි කෙල්ල ඉවරයි "

ටේහ්යුන් එහෙම කියලා හිනා වුනා

" පිස්සු ද බන් උබට මතක නැද්ද යකෝ දොර අරිනකොටම සෝස්පන් එකක් උස්සගෙන ඇවිත් තව පොඩ්ඩෙන් මගේ ඔලුවට ගහන්න හැදුවේ "

ජන්කූක් කිව්වා

" උබ මොකටද ඉතින් හදිස්සියේ එහේ ගියේ "

නම්ජූන් ඇහුවා

" ජූන් හියුන්ග්ගේ ආදරනීය නැගනිය සෝජු බීලා කෙලින් හිට ගන්න බැරුව පිස්සු කෙලින නිසා ගියේ ඒකි විතරක් නෙවෙයි සෝහි මින්හී ජෝඩුවත් බීලා.."

ජන්කූක් කියද්දී මෙච්චර වෙලා ඇස් දෙක පියාගෙන හිටපු යුන්ගි ඇස් ඇරලා ජන්කූක් දිහා බැලුවා

" මොකා...... යුන්මියා.."

" යේ ජූන් හියුන්ග් යුන්මි ඇරෙන්න හියුන්ග්ට වෙන නංගිලා නැ නේ "

ජන්කූක් කිව්වා

" දැන් ඉතින් ඇයි යුන්මි බීලා තියෙන්නේ "

හොබී ඇහුවා

" ඒකිට පූසෙක් බැනලා ඒකට හිත රිදිලා බීලා තියෙන්නේ "

" යුන්ගියා උබ මොනාද කෙල්ලට කිව්වේ ආ "

ජින් යුන්ගිගේ ඔලුවට ඇනලා ඇහුවා

" මම මුකුත් කිව්වේ නැ ජිනා "

" එතකොට උබ මොකද්ද ඊයේ කිව්වේ..."

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now