06.Coffee Shop ☕

773 147 39
                                    

මින්හී වොෂ් රූම් එකට ඇවිත් අඩන්න පටන් ගත්තා ඒ කදුලු වලට හේතුව එයාවත් දන්නේ නැ

",වේ....මින්හී වේ මොකටද මේ අඩන්නේ එයා කා එක්ක හිටියත් ඔයාට මොකද ඇයි ජින් වෙන කෙල්ලෙක් එක්ක ඉදිද්දී මට මෙච්චර රිදෙන්නේ.."

මින්හී කොච්චර වෙලා ඇඩුවා ද කියන්න එයාවත් දන්නේ නැ කෙල්ල මූන සෝදගෙන වොෂ් රූම් එකෙන් එනකොට එතැන හිටියේ ජින් කෙල්ල ජින් දිහා නොබලා යන්න හදනකොට ජින් මින්හීගේ අතින් ඇදලා අරගෙන බිත්තියට තියලා තද කරගත්තා මින්හී ජින්ටයි බිත්තියටයි මැදි වෙලා

" තමුසේ ඇත්තටම කවුද කියනවා "

ජින් ඇහුවේ කෙල්ලගේ මූනට එබිලා මින්හී එයාගේ ඇස් හංගනවා

" මම ප්‍රශ්නයක් ඇහුවා උත්තරයක් ඕන "

මින්හීට මොනා කියන්න ද කියලා තේරෙන්නේ නැ

" එහාට යනවද මට යන්න ඕන "

මින්හී අහක බලාගෙන කිව්වා

" ඇයි තමුසේ ඇඩුවේ "

ජින් තමන්ගේ පැත්තට කෙල්ලගේ මූන හරවගෙන ඇහුවා

" මම ඇඩුවේ නැ
චේබල් එහාට වෙන්න ඔයාගේ යොජාචිංගු දැක්කොත් වැරැදියට හිතයි "

මින්හී එහෙම කියලා ජින්ව තල්ලු කරලා දාලා ගියා

" තමුසේ ඇත්තටම කවුද මින්හී ඇයි තමුසේ ලගම ඉන්න ඕන කියලා හිතෙන්නේ මම හීනෙන් දකින කෙල්ලත් තමුසේ වගේමයි අයිෂ් මගේ ඔලුව රිදෙනවා "

ජින් ඔලුව අතගාන ගමන් ගියා එදා දවස එහෙම ගෙවිලා ගියා

______________________________________

" කු..කු..කුමරුනි ඔබතුමා නො..නොහඩනු ම්..මැනවි ඔබතුමා සෝයොන් කුමරිය සමඟ විවාහ වන්න.."

" මා කෙසේද එසේ සිදු කරන්නේ මා ආලය කරන්නේ ඔබට පමන යි ආරෝ.. මා හැරදමා නොයන්න "

" ඔ..ඔබතුමා මෙය ක්..කල යුතුයි දැන් මා හට යාමට අවසර දෙන්න "

" නොහැකියි ආරෝ..ඔබට මා දමා යාමට අවසර දිය නොහැකියි "

" මා..නැවත... ඔබතුමා සොයා පැමිනෙන්නම් මෙය්..මෙය තා..තාවකාලික ස..සමු..සමුගැනීමක් පමණයි "

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now