PART 1♡

665 95 5
                                    

මැනික මන් දැන් යන්න ඕනි.අයින්ට වෙන්නකෝ.

මට තව ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්නකෝ

මට පරක්කුයි

ම්ම්ම්

අයියෝ ටේ ඔයා දැන් අඩන්න වගේ මූන හදාගන්න එපා

ඇයි කුකී ඔයාගේ ඇස් දෙකෙන් රෑට මට පේන ආදරේ උදේට අසරනකමක් වගේ දැනෙන්නේ.

එහෙම නෑ විකාර නොහිතා ඉන්න

විකාර මොකක්ද කුකී විකාරේ මට දැන් ඇති වෙලා මොකක්ද මේකෙ තේරුම

ආයිශ් අදත් උදේම පටන් ගත්තද

සොරි ඔයා යන්න මාත් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න යනවා.

හරි අද මට රේස් එකක් තියෙනවා එද්දි රෑ වෙයි

දෙන්නම වොශ් දාන් ඇවිත් කෑම මේසෙ වාඩි වෙලා උදේ කෑම ගන්න පටන් ගත්තා

කුකී

කියන්න මැනික

මන් ඔයාගේ කවුද

අහ් ඔයා මගෙ හස්බ...ඔයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ

අහ් බෝයිෆ්‍රෙන්ඩ්.මන් ඔෆිස් යනවා කුකී මට අද වැඩ වැඩී.
කන එකත් නතර කරලා ටේ ඔෆිස් යන්න පිටත් උනේ කුකීගෙ නලල සියුම්ව සිප ගන්නවාත් එක්කමයි.

Tae pov

දැන් අපි අවුරුදු ගානක් ඉදලා එකට ජීවත් වෙනවා.තාමත් මන් ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් විතරද කුකී.ඇයි ඔයාට මට ඊට වඩා වැඩි නමක් දෙන්න බැරි ඇයි මිනිස්සු ඉස්සරදි ඔයාට මාව යාලුවෙක් විතරක් වෙන්නේ ඔයා මාව ඔයාගේ හස්බන්ඩ් කියන්න ලැජ්ජයි ද කුකී.අපි නීතියෙන් එක් නොවුනට අපි අපේම වෙලා ඉවරයි නේද ඇයි ඔයාට මාව පිලිගන්න බැරි

Jk pov

මට සමාවෙන්න මැනික.අදත් උදෙන්ම මට ඔයාව රිද්දන්න උනා.මට සමාවෙන්න මගේ මැනික.මන් කොහොමද ටේ මිනිස්සු ඉස්සරහ ඔයා මගේ යාලුවෙක් නෙමෙයි හස්බන්ඩ් කියන්නේ මට ලැජ්ජයි ටේ මට ලැජ්ජයි.ඒ ඔයා ගැන නෙමෙයි මන් ගැන.මට බයයි ටෙ මිනිස්සු මට සමලින්ගිකයා කිව්වොත්.ෆීල්ඩ් එකේ මට තියෙන නම මගේ ගරුත්වය සේරම විනාස වෙයි ටේ සේරම.මන් කොහොමද ටේ ඒ දේවල් නැති කරගන්නේ.ඔයාට මන් ආදරෙයි ඒත් ඊට වඩා මට මගේ ගරුත්වය වැදගත්.මට ඔනි නෑ සමාජයේ කොන් වෙන්න මට බැ මට ඕනි නෑ.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now