❤️ Chapter 3 ❤️

146 34 60
                                    

ගෙදර ගියපු ගමන් මහන්සියටත් එක්ක නිදාගත්ත මට තද ඔලුවෙ කැක්කුමකුත් එක්ක ආයෙත් අරක පේන්න පටන් ගත්තා . ඒත් අද ඒකෙ එක්කෙනෙක් මට පැහැදිලිව පෙනුනා. ඔව් ඒ එයා තමා ඒත් එයා කොහොමද මගෙ හීනෙ ඉන්නෙ ? 😶ඒ චූටි තයිෂු ව ඇයි මට හීනෙන් පේන්නෙ ? ඒ හීනෙටයි තයිෂු ටයි මොකක් හරි සම්බන්දයක් තියෙයි ද ? ඕවගැන හිතන ගමන් මම purse එක ඇතුලෙන් ගත්තෙ පොඩි photo එකක්. ඔව් ඒක තයිෂු ගෙ. මම ඒක office එකෙන් ගත්තෙ එතන හුගක් තිබ්බ නිසා මගේ හිත කිව්වෙ ඒකෙන් එකක් ගන්න කියලමයි. අනේ මන්දා ඒ චූටි කෙල්ලව දැක්ක ගමන් මගේ හිත මොකක්දෝ මට කියන්න උත්සහ කරනවා වගේ දැනෙනවා.

Taehyung pov

" අප්පා ඔයා දන්නවද දෙයක්.........?"

මොකක්ද මැනික ..............

" අපේ class එකේ ටීචර් හරිම ලස්සනයි ඔම්මයි එයයි එක වගේමයි අප්පා කිසි වෙනසක් නෑ. " තයිෂු කට උල් කරගෙන එහෙම කියන කොට මට පුලුවන් උනේ හිනාවෙලා එයාව hug කරන්න විතරයි මොකද මගේ හිත දන්නවා සෝහා ආයෙ එන්නෙ නෑ කියලා . 😔 මන් ගාවට වෙලා homework කරලා තයිෂු මගේ ඇගට හේත්තු වෙලාම නිදි. තයිෂු ව room එකෙන් තියලා යන්න හදද්දිම මම දැක්ක සෝහාගෙ photo එක දිහා බලන් ඉද්දි මම ආයෙත් අතරමන් උනේ අතීත කතාව ඇතුලේ..................

Before 8 years

එදා Jk ව meet වෙලා මම කෙලින්ම ගෙදර ගියා. සාමාන්‍යයෙන් ගෙදර කියන්නෙ පව්ලෙ හැමෝම එක්ක සතුටින් ඉන්න තැනක්. ඒත් මන් ඉන්න ගෙදර ඉන්නෙ මම විතරයි .  මගේ යාලුවො නිසා තමා මට ඔම්මයි අප්පයි නැති අඩුව නොදැනුනෙ.

Soha pov

අද මම school යන දහවෙනි දවස. ඒ කාලය ඇතුලත යූනා, Min-Joon මගේ හොදම යාලුවො වෙලා . උදේම ඇහැරලා ලෑස්ති වෙලා apartment එකෙන් පිටත් වෙච්ච මට මගදි හම්බ උනේ යූනාව. දෙන්නම කියව කියව school එක පැත්තට යන අතරමග පාර පනිද්දි එහා පැත්තෙන් ආවෙ ලොකු ලොරියක්. බයටම මගෙ කකුල් දෙක පන නැති උනත් මාව පාරෙන් එහා පැත්තට විසි උනා. අමාරුවෙන් නැගිට්ට මට කෑ ගැහුනෙ එතන වෙලා තියෙන දේ නිසා.

යූනා! ..........................................

මම අඩාගෙන ගියේ මාව බේරලා ලේ විලක් මැද වැටිලා හිටපු යූනා ගාවට. අනේ යූනා ඇස් අරින්නකො . ඔයා බය වෙන්න එපා මම කොහොම හරි ඔයාව බේරගන්නවා.🥺🥺🥺 මම එහෙම කිය කිය හය්යෙන් අඩ අඩ ඉද්දි එතන හිටපු එක මනුස්සයෙක් මාවයි යූනා වයි hospital එකට එක්කන් ගියා. ගියපු ගමන් යූනා ව surgery room එකට ගත්තා. පැය දෙකකට පස්සෙ doctor එලියට ආවා.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now