❤️ Chapter 6 ❤️

129 32 59
                                    

ඒත් එයාගෙ සාක්කුවෙන් මොකක් හරි එකක් බිමට වැටුනා. එයා ඒක දැක්කෙ නැති නිසා එයා එහෙම්ම දුවලා ගියා. 🙄

Still Soha pov

ඒ කෙනා පැනගත්ත එක ගැන දුක් උනත් මම එයා අතින් වැටිච්ච දේ අතට ගත්තා. මොකක්ද මේ ........ pen එකක් නේද oh god මේක record pen එකක්. මොකක්ද මේකෙ record කරලා ඇත්තෙ මම එහෙම කියලා ඒක on කරන්න හදද්දිම taehyung දුවගෙන ආවා.

" මොකද උනේ සෝහා ?"

" මේ.....මේ " මම උන දේ කියන්න හදද්දිම එයා මගෙ අතේ තිබ්බ pen එක අරන් ඒකෙ record එක on කලා.

[ සෝහා තමුසෙට ගොඩක් thanks මේ කරන උදව් වලට. මම ඔයාට double pay කරනවා. ඔයා දැන් කරනවා වගේම taehyung ව ඉස්සරහටත් රවට්ට ගෙන යන්න. එයාගෙ රහස් හොයාගෙන මට කියන්න. ]

ඒ record එකේ එහෙම කියද්දි මගේ ඇග පන නැති වෙනවා වගේ දැනුනා. මොනාද මේ කියවන්නෙ ? මම කවද්ද මෙහෙම පහත් වැඩක් කලේ...? මම ඔහොම හිතද්දි මගේ ඇස් වලට කදුලු ආවෙ ඉබේටමයි.

" තමුසෙ ........තමුසෙ කොහොමද මට.....ඔයා මොන වගේ කෙනෙක් ද අහ් ඔයා මාව රැවට්ටුවා. තමුන් ආයෙ මගෙ ඇස් වලට පේන්න එන්න එපා. මම තමුසෙව විශ්වාස කලා වැඩී. Get out from here " taehyung එහෙම කියලා කෑ ගැහුවෙ එයාගෙ ඇස් වලින් ගිනි පුපුරු පිටවෙන කොටමයි. එයා මගෙ අතින් ඇදලා එලියට දැම්මා. ඒත් මම taehyung ට කවදාවත් එහෙම දෙයක් කලේ නෑනෙ. 😢 මට කෑ ගහලා මම එහෙම දෙයක් කලේ නෑ කියලා කියන්න ඕනෙ උනත් මට එහෙම කියාගන්නවත් පනක් නෑ.

Taehyung pov

මම room එකෙන් එලියට ගියේ මම ඇහැරුනු වෙලේ සෝහා room එකේ හිටපු නැති නිසා. මම යනකොට දැක්කෙ සෝහාට කව්රු හරි මොනා හරි දීලා එයා ඒක බලනවා වගේ . මම එතනට ගියේ මේ ගෙදරට එයාගෙ බඩු එවන්නෙ කව්ද කියලා බලන්න. මම ගිහින් එයාගෙ අතේ තිබ්බ එක ගත්තා . ඒක record pen එකක්. මන් ඒක on කලා විතරයි ඒකෙන් ඇහුන දේවල් මාව පනනැති කලා. සෝහා මට එහෙම කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. මගෙ හිතේ තරහට එහා ගිය දුකක් හිර වෙලා තිබ්බා. මට මගේ ජීවිතේම එපා වෙනවා වගේ දැනුනා. මොකද මම හැමෝටම වඩා සෝහාව විශ්වාස කලා. මම ආපු තරහටම සෝහාව ගෙදරින් එලියට දැම්මා.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now