❤️ Chapter 5 ❤️

143 32 60
                                    

" ඒයි තමුසෙ මෙතන වැඩ්ඩා වෙන්න හදන්න එපා . එක වචනයක් නොකියා කෙලිම්ම අතන තියෙන පාලු garden එකට යන්න. නැත්නම් මේ අහින්සකීගෙ ජීවිතේට මොනා වෙයි ද දන්නෙ නෑ. " එයා එහෙම කිව්ව ගමන් Taehyung මන් දිහා බලලා කෙලිම්ම ගියේ garden එකට.

Still Soha pov

Mr. Choi කිව්ව විදිහටම අපි පාලු garden එක පැත්තට ගියා. ගියපු ගමන් Mr. Choi ගෙ bodyguard කෙනෙක් මොනාද මන්දා papers ටිකක් එතන තිබ්බ table එක උඩින් තිබ්බා.

" දැන් කටවහගෙන ඔය ටික sign කරනවා. "

" Mr. Choi ඔයා හිතන් ඉන්නවා නම් මම එහෙම කරයි කියලා ඔයාට වැරදිලා. " Taehyung එහෙම කිව්වා විතරයි මට ඔලුවට gun එකක් දික් කරන් හිටපු මිනිහා gun එක මගෙ ඔලුවට තවත් තද කලා. ඔන්න ඔය වෙලාවෙ තමා මගේ මොල රාජයාට ටින්කිරි වගේ idea එකක් ආවෙ. මම ඊට පස්සෙ taehyung ට ඉගි කලා ඔයා ඔහොම ඉන්න මම මොනා හරි කරන්නම් කියලා ඒත් මේ මෝඩයට ඒක තේරිලා නැතුව අන්දුම්කුන්දුම් වගේ මන් දිහා බලන් ඉන්නවා. 😑 මන් හිතට ශක්තිය අරන් වැඩේ පටන් ගත්තා. හරි සෝහා ඔයාට පුලුවන් . 1........2.......3....... ගහන්න...... මම එහෙම හිතලා මාව අල්ලන් හිටපු මනුස්සයගෙ හොද තැනකට හොද ප්‍රහාරයක් එල්ල කරලා එතනින් පැනගත්තා. ඊට පස්සෙ දුවලා ගිහින් taehyung වත් ඇදන් ගියේ එයාගෙ කට ඇරිලා තියෙද්දිමයි.

" තමුසෙට මේ පොඩි කෙල්ලෙක් වත් අල්ලන් ඉන්න බැරිද ? "

[ A/N -: මම ඔතන හිටියනම් අර ශිවා ලමයා කියලනම් කියන්න එපා කියනවා වගේ පොඩි කෙල්ල කියලනම් කියන්න එපා කියලා පොඩි ආතල් එක්ක දෙනවා.කමක් නෑ අපි කතාවට යමුකො.🙂 ]

Mr. Choi එහෙම කියලා අර මිනිස්සුන්ට කෑ ගැහුව ගමන් කට්ටියම අපේ පස්සෙන් පන්නන්න ගත්තා. මම කෙලිම් පාරෙම දුවන්න හදද්දි taehyung මාවත් ඇදන් මුවා උනේ මාර කලුවර තැනකට. මන් මේ වෙලාවෙ වැඩිපුරම බය වෙලා ඉන්නෙ Mr. Choi ට නෙමේ කලුවරට. ඔව් මන් චූටි කාලෙ ඉදන් කලුවරට හුගක් බයයි. කොච්චර බයද කියනවනම් දැන් මගේ ඇස් දිගේ කදුලු එනවා. කලුවර නිසා taehyung ට මගේ කදුලු පෙනුනෙ නෑ වෙලාවට ඒත් එයා මාව ඇදලා අරන් එයාගෙ jacket එක දෙපැත්තට කරලා එයාගෙ පපුවට තියලා මාව බදාගත්තෙ හරියට එයා මම කලුවරට බයයි කියලා දන්නවා වගේ. මමත් ඇස් දෙක වහගෙනම එහෙම හිටියෙ ඒකෙන් මගේ බය චුට්ටක් අඩු උනා වගේ දැනුන නිසා. එහෙම ඉදලා අහල පහල choi ගෙ කට්ටිය නෑ වගේ දැක්ක නිසා එලියට ගිහින් taxi එකක් අරන් දෙන්නම දුවාලා ආවෙ මගේ apartment එකට. අර වෙලේ කලුවරට බය වෙච්ච පාරට තාමත් මගේ heart එක ගැහෙනවා. ඒත් මෙයා කොහොමද දන්නෙ මම කලුවරට බයයි කියලා.......🤔

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now