❤️ Chapter 10 ❤️

133 35 34
                                    

තයිෂු එක්ක pre school පාටි එකට ආව වෙලාවෙ ඉදන් චූටි කෙල්ල යාලුවො එක්ක එහෙට දුවනවා මෙහෙට දුවනවා.සෝහා ඔයත් අද හිටියනම් අපේ තයිෂු දිහා බලලා සතුටු වෙයි.  එදා සිදුවීම හැම තප්පරයක් ගානෙම මතක් වෙනවා. එදා තයිෂු අපේ ජීවිත වලට එකතු උන දවසෙ ඉදන් එදා ඔයා අපිව දාලා ගිය දවස දක්වා මට අදටත් හොදට මතකයි සෝහා. 😔

_ Before 8 years _

එදා සෝහාට අමාරු උනා. මම එදා සෝහාව hospital එකට එක්කගෙන ගියේ මගේ බය හිතේ ගුලි කරගන්න ගමන්. එක අතකින් drive කරන ගමන් අනිත් අතින් සෝහාගෙ අත අල්ලගෙන hospital එකට ආපු ගමන් එයාව labour room එකට ගත්තා. හුගක් බය වෙලා හිටපු මගේ බය ටිකක් හරි නැති උනේ ජිමිනයි ජේකේ යි ආපු නිසා. ඒක මම ජීවිතේ වැඩිපුරම බය වෙච්ච වෙලාව කිව්වොත් නිවැරදියි. ඒත් ඒ බය ටික වෙලාවකින් සතුටකට හැරවුනේ doctor චූටි බබෙකුත් අතේ තියාගෙන මන් ලගට ආපු නිසා.

" Congratulations Mr. Kim Taehyung " එයා එහෙම කියලා මගේ චූටි princess ව මගේ අතට දුන්න වෙලාවෙ මට දැනුනෙ මහමෙරක් ලැබුනා වගේ හැගීමක් . චූටි පැටියවත් අරගෙන ward එක ඇතුලට ගියේ මගේ සෝහාව බලන්න. එයා මන් දිහා බලලා හරි ලස්සනට හිනා වුනා. ඒක එදා එයාව පලවෙනි දවසෙ දැක්ක හිනාවමයි . එදා එහෙම හම්බවෙච්ච අපි අද දෙමව්පියෝ .

කුමාවෝ මැනික මාව අප්පා කෙනෙක් කලාට. ❤️

" ආනියෝ ටේ බලන්න එයා ඔයා වගේමයි . "

නෑ එයා ඔයා වගේ.

" නෑ අනේ එයා ඔයා වගේ . "

" නැහැ එයා මන් වගේ එයා එයාගෙ ජන්ග්කුක් අන්කල් වගේ 😌" ජේකේ එහෙම කියාගෙන ජිමිනුයි ලෝරායි සාහී එක්ක හිනාවෙවී ආවා.

නෑ නෑ හරි හරි එයා එයාගෙ අප්පා වගේ තමා. 😌

මේ සතුට මැද්දෙ ටිකෙන් ටික කාලය ගෙව්නා . තයිෂු ගෙ හුරතල් එක්ක කාලය ගෙව්නෙ දැනෙන්නෙවත් නැතුව . ඒ කාලෙදි ජිමිනුයි ලෝරායි marry කලා එයාලගෙ ජීවිතත් ලස්සන උනා. අව්රුදු දෙකක් ගෙවිලා ගියා අද තයිෂු ගෙ දෙවෙනි birth day එක. එයාට දැන් අව්රුදු දෙකයි. මුලු ගෙදර වටේටම බැලූන්ස් වලින් පිරිලා . ජිමින් , ලෝරා  , ජේකේ , සාහි මේ හැමෝම අද අපේ ගෙදර . කේක් එක කපලා හැමෝම සතුටින් කියව කියව හිටියා.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now