❤️ Chapter 8 ❤️

132 37 46
                                    

Jimin pov

ඔව් අද මට park එකේදි ලියාව හම්බ උනා. මගේ පලවෙනි ආදරේ........නෑ නෑ ඒක ආදරයක් නෙමේ රැවටිල්ලක්.😔 එදායින් පස්සෙ මන් මගේ ජීවිතේ ගෙව්වෙ ඇතුලෙන් විදවන ගමන්. ඒත් මගේ යාලුවො මට හැමවෙලාවකම හිටියා. ටික දවසක් ගියාම මගේ ජීවිතේ වෙනස් උනා.

Flashback 6 years ago

" සර් දැන්වත් බොන එක නවත්තන්න. දැන් හොදටම රෑ වෙලා අපි මේක වහන්න ඔනෙ. "

ජිමින් ට තව එතන ඉන්න ඕනෙ උනත් එයා ගියේ අර මිනිහගෙ කන්කරච්චලේ නිසාමයි. එයා එතනින් එලියට ආවත් එයාට හරියට ඇවිදින්න පුලුවන් තත්වයක හිටියෙ නෑ. සෝජු බෝතලයත් අතේ තියාගෙන විසි වෙවී එයා ඉස්සරහට ගියා . එයා හිත ගොඩක් දුකෙන් ඒ වගේම තරහින්. එයා ඒ තරහව පිට කලේ සෝජු බෝතලෙන් . ඔව් එයා ඒක පොලේ ගැහුවා. වීදුරු කටු අතට අරගෙන එයාගෙ තරහව පිට කරගන්නම එයාට එයාගෙ අත කපාගන්න ඕනෙ උනා. ඒත් .....................

" ඒ නවත්තන්න "

තමුසෙ කවද මාව රවට්ටන්න ආපු අනිත් කෙනා ද ? 😏

" මිස්ට මම ඔයා කව්ද කියලා නම් දන්නෙ නෑ. ඒත් ඔයා ඔය කරන දේ වැරදී . මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්න පුලුවන් ඒ වගේම ඒ ප්‍රශ්න වලට උත්තරත් අනිවාරෙන් තියෙනවා. හරි ඔයා ඔයාගෙ අත කපාගත්තා කියමුකො ලේත් ගොඩක් ආවා කියමුකො ඒකෙන් ඔයාගෙ ප්‍රශ්නෙ විසදෙනවද ? පොඩ්ඩක් හිතන්න ඔයානෙ ඔම්මටයි අප්පටයි මොකක් වෙයි ද ? ඔයා දන්නවද මේ ලෝකෙ කොච්චර මිනිස්සු තමන් ට ඕනෙ කරන blood group එක නැතුව දෙවියන්ගෙන් හුස්ම යදිනවද කියලා. ඒ නිසා ඔයා ඕක කරන්න කලින් එකපාරක් හිතලා බලන්න ඔයා ඔය කරන වැඩේ හරිද කියලා. "

ඔයා ක...කව්ද ?

" අහ් මට කියන්න අමතක උනානෙ මම ලෝරා. මම doctor කෙනෙක්. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නම් හොදම දේ තමා ඔයාට විශ්වාස කාට හරි මේ දේ කියලා හිත නිදහස් කරගන්න ."

විශ්වාසය ................ඒ වචනෙට මම වෛර කරනවා ලෝරා.....😒

" ඔයාගෙ ප්‍රශ්නෙ මට කියන්න පුලුවන් නම් කියන්න මම අහන් ඉන්නම් "

ටික වෙලාවක් ගියත් ජිමින් කියන්න කැමති පාටක් පෙන්නුවෙ නෑ.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now