Chapter 04

41 11 0
                                    

සමහර වෙලාවට මට හිතෙනවා මම තමයි මේ ලෝකේ ඉන්න කමකටම නැති කෙනා කියලා. මගෙන් කිසිම වැඩක් නැහැ. මට අනිත් අයට වගේ කිසිම දක්ෂතාවයක්වත්... කිසිම  හැකියාවක්වත් ලස්සනක්වත් නෑ.

හොදම දේ මට සමාජභීතිකාව තියෙනවා. ඒක නිසා මම අනිත් අය ඉස්සරහට යන්න, ගොඩක් අය ඉස්සරහා කතා කරන්න බයයි. ඒකම වෙන්න ඇති සමහර විට මම මෙහෙම කොන් වෙලා තියෙන්නෙත්.

ඇත්තටම මම කිසිම වැඩකට නැති කෙනෙක් ද?

මම කිසි වැඩකට නැති කෙනෙක් කියලා මම දන්නවා. මම කීප සැරයක්ම මගේ මේ කමකට නැති ජීවිතේ නැති කර ගන්න ප්ලෑන් කරලත් තියේ. ඒත් මම වගේ කොන්ද පණ නැති කොල්ලෙක් කොච්චර ඒවගේ දේවල් ප්ලෑන් කරත් අන්තිමට ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්නවත් මම ශක්තිමත් නැහැ. ඒ තරමටම මම හරිම දුර්වලයි.

මගේ ඇහැ මානේ  තියෙන බ්ලේඩ් තල දිහා මම ඕන තරම් බලලා අතටත් අරන් ආපහු තියලා තියේ. මොකද මට එච්චරවත් ශක්තියක් නැහැ. මම බයයි. අනිත් අය මගේ ගැන මොන විදියට හිතයි ද... මාව ඒ මොන විදියට එයාලා ලේබල් කරයි ද කියලා මම බයයි. ඒ වගේම ඒක නිසා මට රිදේවි කියලා මම බයයි.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now