Chapter 15

33 8 5
                                    

කොහොම හරි ලයිබ්‍රි එකට ගිහින් එසයින්මන්ට් එක නම් ඉවර කර ගත්තා.

"මට බඩගිනි." මම කියද්දි ආනා මාවත් ඇදන් ලගම තිබුණ කොෆි ෂොප් එකට ගියා.

මායි ආනායි කතා කර කර ඉද්දි සමහරු අපේ දිහා අමුතු විදියට බලද්දි මම එයාලට රැව්වා. මොකද කලින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලන් ඉන්නවා දැකලා නැද්ද? එයාලා අපි දෙන්නා දිහා අමුතු විදියට බලන්නේ තාම අපි පොඩි ලමයි නිසාද?

"සර් මොනවද ඕන?" එතනට ආපු වේටර් මට මෙනූ කාඩ් එක දෙද්දි මම ඒක ආනා දුන්නා.

"මට දූරියන් ශේක් එකක්. ජන්වොන් ඔයාට කොෆී එකක් නේද?" ආනා හිනා වෙවී මගෙන් අහද්දි මම ඔලුව වැනුවා. "අපිට ඒකට දෙක දෙන්න . "එයා එහෙම කියන ගමන් මෙනූ කාඩ් එක මේසේ උඩින් තිව්වා.

"සර් මොනවද ඕන? " ආපහු වේටර් මගෙන් අහද්දි මම එයාට රැව්වේ දැන් ආනා කියපු එක එයත් අහන් හිටපු නිසා.

"කලින් කිව්වේ දූරියන් ෂේක් එකකුයි කොෆී එකකුයි" මම කියද්දි වේටර් මගේ දිහා බැලුවේ මට පිස්සුද කියලා අහන්න වගේ. මේ මනුස්සයාගේ මොලේ අවුලක් ද හැම තිස්සේම මෙහෙම අමුතු විදියට බලන්න?

"සර් ඒ දෙකම එකට බිව්වොත් සර්ට වමනේ යයි" එයා මට කිව්වා. දෙකම එකපාර බොන්න. මේ මනුස්සයට නම් හොදටම පිස්සු.

"කියන දේ කරනවා මනුස්සයෝ." මම එයාට කෑගැහුවාම එයා මගේ දිහා අමුතු විදියට බලලා ගියා.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now