Chapter 18

35 10 5
                                    

මම හිටියේ සොම්බි ගොඩක් මැද. එතන මැරූණ හිටපු පණ තියෙන සොම්බි ගොඩක් මැද මම විතරයි හිටපු පණ තියන එකම මනුස්සයා.

එයාලා මගේ ගාවට එනවා. දුවන්න වුනී.... මගේ මොලේ මට අනතුරු අගවද්දි මම කරේ පුලුවන් තරම් හයියෙන් දුවන්න උත්සාහ කරපු එක. ඒත් ටික දුරක් දුවද්දිම මගේ ඇගට පැනපු සොමාබියෙකා නිසා මම සමබරතාවය නැති වෙලා බිමට වැටුනා. මේ සොම්බියා මාව කයි දැන්.

මගේ ලගට ආපු සොම්බියා මගත මුලු මූණම ලෙවකන්න ගත්තේ මට ඇත්තටම අප්පිරිය සහගත බවක් ඇති කරලා. සමහර විට එයාලා කන්න කලින් එයාගේ ගොදුර රසද කියලා පරීක්ෂා කරන්නේ මෙහෙම වෙන්න ඇති.

"හයුන්ග්.... " ඒත් එක්කම වගේ මට සොම්බියා කියූගේ කටහඩින් කතා කරා. බැරි වෙලාවත් අර පොඩි නසරානියා සොම්බියෙක්වත් ද? එයා සොම්බියෙක් වගේ නිතරම මගේ ඇගේ නම් එල්ලෙන්න එනවා තමයි. ඒත් මිනිහා සොම්බියෙක් නම් වෙන්න බෑ. මොකද එයාට ලේ ඩිංගක් දැක්කත් ඇති කලන්තෙ දාලා වැටෙන්න.

ඒත් මම කොහොමද සොම්බි ගොඩක් මැද්දට ආවේ?

"හයුන්ග් නැගිටින්න" කියූගේ කටහඩ තිබුණ සොම්බියා එහෙම කියන ගමන් මාව හොලවන්න ගත්තා. මම ඇස් දෙක පොඩි කරන ගමන් ආපහු කීප සැරයක්ම ඇස් පිය ගහලා බැලුවේ ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගන්න.

නියමයි. අති උත්කෘෂ්ටයි ජන්ග්වොන්. මම මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ නිදාගෙන හීනයක් දැක දැක. එතකොට අර මාව කෙල වලින් නාවපු සොම්බියා වෙන කවුරුවත් නෙවෙයි කියූගේ තඩි දඩෝරියන් බලුතඩියා සීනිකැටේ. ඇත්තටම ඒක බල්ලෙක්ට... ඒකත් මේ වගේ පත්‍ර සයිස් කෙල පෙරාගෙන ඉන්න බලු තඩියෙකුට නම් කොහොමටවත්ම ගැලපෙන්නේ නෑ තමයි. ඒත් කියූ ගොඩක් වෙලාවට එයාගේ හුරතල් සත්තුන්ට දාන්නෙ ඔය වගේ මහා විකාර නම්.

"ඔයාට මම කිව්වා රෑ එලිවෙනකන් ඇහැරන් සොම්බි මැන්ගා කියවන්න එපා කියලා" ආනා කියූගේ එහා පැත්තේ ඉදන් මතු වෙන ගමන් කිව්වා. මෙයා කොයි වෙලේ අපේ ගෙදර ආවේ. සිකේ මම දැන් ඉන්නේ කුණු කෙලත් පෙරාගෙන. මටමයි මෙහෙම වෙන්නේ.

"ඔයා කොහොමද මගත කාමරේට ආවේ?" මම ආනාගෙන් ඇහුවා.

"කාමරේ ඉස්සරහා තියෙන දොරෙන්" කියූ උත්තර දුන්නා.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now