Chapter 12

31 9 0
                                    

"සොරි හයුන්ග්. මට දැන් රගර් ප්ලේ කරන්න තරම් මූඩ් එකක් නෑ" මම කිව්වේ මගේ පොත් ටිකත් ලෑස්ති කරන්න වාඩි වෙලා හිටපු තැනින් නැගිටින ගමන්.

"ජන්ග්වොන් මොකක්ද ප්‍රශ්නේ? ඔයාට මට ඕනම දෙයක් කියන්න පුලුවන්" හීසන්ග් හයුන්ග් මගේ අතකින් අල්ලගෙන කියද්දි මම හිනාවෙලා එයාගේ අත අයින් කරා.

මොකක්වත් ප්‍රශ්නයක් නැහැ හයුන්ග්. මම මගේ දෙමව්පියන්ට සතුටු කරන්න යන එක නැවැත්තුවා. මම දන්නවා මම කොච්චර උත්සාහ කරත් එයාලා මාව ගනන් ගන්නේ නැහැ කියලා. ඉතින් මම ඒක නැවැත්තුවා.මට හොදටම මහන්සි හයුන්ග්. තවත් මේක කරන්න බැහැ. මට විවේකයක් ඕන. මගේ හිත ඇතුලේ කොච්චර දේවල් හයුන්ග්ට කියන්න නැලියුවත් මම වෙනදා වගේම මවාගනිපු හිනාවකින් හයුන්ග්ට සංග්‍රහ කරලා එතනින් ආවා. සමහර වෙලාවට අනිත් අයගේ අනුකම්පාව ගන්න දගලනවට වඩා සද්ද නැතුව ඉන්න එක හොදයි. එතකොට අඩුම ගානේ එයාලා අපිව දුර්වලයෙක් කියලා ලේබල් ගහන එකවත් නවත්තාවිනේ.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now