Chapter 11

33 8 0
                                    

"යා... යන්ග් ජන්ග්වොන් තමුන් මොන ලෝකෙට ඉන්නේ? මම කී සැරයක් කතා කරාද?" ඒත් එක්කම මගේ කන ගාවින් ඇහුන කටහඩ නිසා මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා.

"හ... හයුන්ග්?" මට කියවුනා.

ඒත් කොහේද ආනා? එයා දැන් ටිකකට කලින් මාත් එක්ක මෙතන හිටියනේ. සමහර විට වැඩකට යන්න ඇති. එයා අපේ පන්තියේ මොනිටර්නේ. එයාට මාත් එක්ක මෙතනට වෙලා ඉන්නවට වඩා වැඩ තියෙනවා.

"නිකම් හයුන්ග්" මම කිව්වා.

"ඔයා තව කී දවසක් රගර් ප්‍රැක්ටිස් මගාරින්න ද හිතන් ඉන්නේ යන්ග් ජන්ග්වොන්?" හයුන්ග් ටිකක් විතර දරුණු කටහඬකින් අහද්දි මම බය වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

මම රගර් ප්ලේයර් කෙනෙක්. ඒත් මම රගර් තෝර ගත්තේ මට ඕන නිසාද? නෑ මොන පිස්සුද? මට අනිත් අයගේ අවධානය ඕන වුනා. මම හිතුවා මම ඒ වගේ දේකින්වත් දක්ෂකමක් පෙන්නුවොත් මගේ දෙමව්පියෝ මම වෙනුවෙන් ටිකක් හරි අවධානයක් යොමු කරයි කියලා. එහෙම නැත්නම් මම අතක් පයක් කඩා ගත්තොතින් හරි එයාලා මට එයාලගේ අවධානය දෙයි කියලා. ඒත් අන්තිමට මම ගොඩක් බලාපොරොත්තු තියන් එයාලට මැච් එක බලන්න එන්න කිව්වත් එයාලා මගේ පලවෙනි මැච් එකට එකටවත් ආවේ නැහැ. එයාලාට ඒක අමතක වුනා. මොකක් නිසාද? හහ් මගේ මල්ලි සෝහාගේ චෙස් මැච් එකක් ඒ වෙලාවේම තිබුණ නිසා. ඉතින් එයාලා ඒකට යන්න තීරණය කරා. වෙනදා වගේම මාව නොසලකා හරිමින්.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now