Chapter 09

35 10 2
                                    

හදවතින් තනි වුන කෙනෙක්.... කවදාවත් තමන්ට ඕන කරන ආදරය අවධානය හරිහැටි නොලැබුණ කෙනෙක්... හැම අතින්ම අනිත් අයගෙන් ලැබෙන පුංචිම පුංචි අවධානයට..., ආදරයකට... හරිම ලෝබයි. හරියට නිකම් මෙරුවෙක් තමන්ට පිච්චෙන්න වෙනවා කියලා දැනගෙන වුනත් ගිනිගොඩකට, ඉටිපන්දම් දැල්ලට උණුසුමක් එළියක් හොයාගෙන ලං වෙනවා වගේ.

මේ ලෝකේ කාටවත් ආදරයක් අනිත් අයගේ අවධානයක් නැතුව ඉන්න බැහැ. ගොඩක් අය කියයි එහෙම ඉන්න පුලුවන්... මොකද බැරි? මේ මම හොදට ඉන්නේ වගේ ගොඩක් දේවල්. ඒත් මාව විශ්වාස කරන්න. ඒක කරන්න හරිම අමාරුයි. හදවතින් තනි වුන කෙනෙක්ට ඒක... විශේෂයෙන්ම මම වගේ දුර්වලයෙක්ට එහෙම ගත කරන එක පැයක් වුනත් දැනෙන්නේ නිකම් හරියට අවුරුදු සිය ගානක් වගේ. තනි වෙන එක හරිම අමාරු වැඩක්. තමන්ට කියලා කවුරුවත් නෑ කියලා දැනෙන එක.... දුක හිතුන වෙලාවට අඬන්න හොද උරහිස් නෑ කියලා සැරින් සැරේට මතක් වෙන එක.... මාව විශ්වාස කරන්න එහෙම ජීවත් වෙන එක හරිම අමාරු දෙයක්. අපායේ පණපිටින් පිච්චෙනවා කියන එකටත් වඩා හරිම අමාරුයි.

ඉතින් එක සැරේට මට හම්බ වුන ආනාගේ මේ අවධානයට මම ලෝබ වුනේ නෑ කියලා කිව්වොත් ඒක තනිකරම බොරුවක්.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now