Peter pan...

275 56 15
                                    

පීටර් පෑන්...

කාටුන් බලන අය නම් මෙයාව හොදට දන්නවා.....
ටින්කර් බෙල්ව මුලින්ම හදුන්වා දෙන්නෙත් මේ කතාවේ..

එහෙනම්...අපි කතාවට යමු...🌝❤️





Peter pan pov.....🍀



මම ඉන්නේ නැති රටේ...(never land) මීට අවුරුදු කීපෙකට කලින් මම හිතුවේ මට හැම දේම තියනවා කියලයි...
ටින්ක් දැන් මා එක්ක නෑ...අපි සුරගන මිටියාවතක් හොයා ගත්තා...ටින්ක් ඒකේ කෙනෙක්ට ආදරේ කරන්න ගත්තා....
මගෙ මල්ලිලා...එයාලාත් දැන් මගෙන් ටිකක් ඈත් වෙලා...
මම තව දුරටත් පොඩි ලමයෙක් නෙමෙ..
මනුස්ස ලෝකෙයි මෙහෙයි කාලය ගෙවෙන්නේ වෙනස් විදිහකට...එහේ අවුරුදු ගානක්...මෙහෙට දවසක්...

වෙන්ඩි...මට එයාව හම්බුනේ අවුරුදු දොලහෙදි...එයා නම් වයසට වඩා මොලෙන් වැඩිලා හිටියේ...එයා කිව්ව සමහර දේවල් මට තේරුනෙත් නෑ...එයාගේ මල්ලිල එක්ක මම ගෙවපු ඒ හැම මොහොමතම ලස්සනයි...

එතකොට ජේන්...වෙන්ඩිගේ දුව...මට අවුරුදු දහසයයි එයා හම්බෙනකොට..එයා නම් ටිකක් වසයි...මුරන්ඩුයි...

ජේන් ගියේ මගේ ලෝකේ ලොකු හිඩැසක් තියලා...ඒක මොකක්ද???
ඒක ලොකු වේදනාවක්...
ටින්ක් යද්දි මම තේරුම් ගත්තා....ඒ ආදරේ....ටින්ක්ට මාව දාලා යන්න ඕන උනේ නෑ...ඒත් එයාටම කියලා ජීවිතයක් ඕන....

මට දැන් විසි පහයි...ලමා මනසක් තියන කොල්ලෙක්...ජේන් තාම ඇති කියලා මම හිතනවා...මම එයාව හොයන් යනවා...එයාගේ ගෙදර මට මතකයි...
ජේන්...මම ඔයාව හොයන් එනවාමයි...











🌝❤️ ඉතින් ලමයි...පීටර් පෑන්ට ජේන්ව හම්බෙයිද....

The End Of Peter Pan's Single Life✔️✔️Onde histórias criam vida. Descubra agora