✿1❀

206 52 15
                                    

KARA POV....

ජේන් ආච්චි නැති උනේ මේ ගේ මට ලියලා...ඒත්..ම්ම ජේන් ආච්චිගේ කවුද...ආච්චි මාව දැක්කේ අනාත නිවාසේ දානයකට ආපු දවසෙ...එදා ඉදන් එයා මට ගොඩක් උදවු කරා..
දැන් මේ ගේත් මට...හ්ම්ම්..
මම කාරා...අනාත නිවාසෙක හිටියේ...දැන් ශිශ්‍යාවක්...සහ කැෆේ එකක වේටර් කෙනෙක්...18 පැන්න ගමන් අනාත නිවාසෙන් අපිව එලවනවා..මට දැන් 22 යි..කැෆේ එකේ වැඩ කරලා හම්බ කරපු සල්ලි යුනිවසිටි එකකට බැදලා මම ඒකේ ඉගන ගත්තේ කැෆේ එකේ වැඩ කරලා ජීවත් වෙන්න ගානක් හොයන ගමන්....
මම ජේන් ආච්චිගේ ගෙදර නොමිලේ ඉන්න බෝඩින්කාරි..ඒත් එයා ගිය සතියෙ මැරෙන්න කලින් මේ ගේ මට ලියලා...එයාගේ මල්ලිත් හරි හොදයි...එයා කිව්වෙත් මේ ගේ මට ගන්න කියලා...ජේන් ආච්චි බැදලා නෑ...එක අතකට ඒක හොදා...නැත්තම් මට මේ ගේ නෑනේ...යා..කාරෝ...මොනාද බන් මේ හිතන්නේ..

මටම බැන බැන මම මගෙ බඩු ටික උඩ තට්ටුවේ කාමරේට ගෙනිච්චා...ජේන් ආච්චි කියන කතාවල තියන තරුව ඒ ජනේලෙන් ලස්සනට පෙනුනා...මම එතනම තිබ්බ ඇදෙන් ඉදගෙන මේසෙ උඩ තිබ්බ කොල ටික ගත්තා..ජේන් ආච්චිගේ චිත්‍ර...
නැති රට...
කැප්ටන් හුඩ්...
යෝද බූවල්ලා...
ටින්කර් බෙල්...
ඒ අතර විශෙශම චිත්‍රය පීටර් පෑන්...ජේන් ආච්චි කසාද නොබැන්දේ මේ කොල්ලා නිසාද කියලත් හිතෙනවා...
බොලද විකාර කතා...

"ජේන්...වෙන්ඩි ..ජේන්...ඔයා කොහෙද..."

මම පියවි සිහියට ආවේ කාමරෙන් ඇහුන කොල්ලෙක්ගේ කඩහඩින්..

"ඔහේ කවුද...කොහොමද ආවේ...ආ.."

මම ඇහුවේ පිස්සෙක් වගේ කාමරේ පුරා දුවන කොල්ලාගෙන්...එයාත් ටිකක් ජේන් ආච්චිගේ චිත්‍රෙ වගේ...දුබුරු කොන්ඩෙ වැහෙන්න දාපු රතු පිහාට්ටක් ගහපු කොල පාට තොප්පිය...ඇදුම්...ඔක්කොම්...හැබැයි මෙයා නම් චූටි කොල්ලෙක් නෙමේ..

"ඔයා...ක..කවුද...කෝ වෙන්ඩි...ජේන්..කෝ එයාලා..."

"මොකක්..ඔයා කවුද...ආ..එකපාර ඇවිත් එයාලාගේ තොරතුරු ඇහුවම මම කියයි කියලා හිතනවද..."

"මම පීටර් පෑන්..."

හෑ...මොකක්ද ඒ මනුස්සයා කිව්වේ...පී.....ට....ර්....පෑ....න්....මට දැනුනා ලෝකෙ කැරෙකනවා...













😂 පව් අෆ්ෆා කාරා..

ජෙන් නෑලු නෙහ්..

පීටර් මොනා කරයිද...

🌝🌝🌝🌝

The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now