✿5❀

121 43 14
                                    

Kara pov.....🎀

අද ගොඩක් වාසියි...කස්ටමර්ස්ලා ගොඩක් ආව නිසා වැඩි පුර ගානක් හම්බුනා...ඒත් මට කිසි සතුටක් තිබ්බේ නෑ...පාර දිගේ මම ඇවිදන් ගියේ හැගීමක් නැතුව...මගේ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටෙන්න ගත්තෙ මටත් නොදැනී...

"කාරා...හොදින්ද.."

"ඔ....ඔව් පීටර්...ම්හ්..අවුලක් නෑ..."

"අඩන්නේ...ඇයි.."

"මම අඩන්නෙ නෑ..."

"බොරු..."

"පීටර්...ඉක්මන්ට ගෙදරට යන්...පියාබලා නෙමේ..පයින්.."

නිහඩවම බිම බලන් මම මිමිනුවා...යාහ්..කාරා මොකො ඔයා අඩන්නේ....පීටර්ට කෙනීව හොදටම මැච් වෙනවා...යාහ්...තමුසෙ මොකෝ කොහෙවත් යන පීටර් කෙනෙක් ගැන හිතන්නේ....එයා..එයා ...එයා නිකම් පොඩි එකෙක් වගේ...කිසි වැඩකට නෑ....

මා එක්කම තර්ක කර කර ගෙදර ආව මම වොශ් එකක් දාන් ඇවිත් නිදා ගන්න ගියේ පීටර් එක්ක කතා නොකර...එක අතකට...එයාගෙන් පලිගන්න එක වැරදියි...එයා මොනා කරන්නද...

"පීටර්..."

කදුලු පිහාගෙන මූන හෝදන් මම සාලෙට යද්දි පීටර් පාවෙනවා...

"ආ...කාරා..."

"ඔයාට මෙහේ විදිහට ඉන්න නම් මෙහෙ ඇදුම් අදින්න වෙනවා..එන්නකෝ..."

පීටර්ගේ අතින් ඇදගෙන මම ගියේ ජේන් ආච්චිගේ කාමරේට...ජේන් ආච්චි විශ්වාස කරා කවදාහරි පීටර් එයාව හොයන් එයි කියලා...එයා පීටර්ට ඇදුම් තොගයක් අරන් තිබ්බා...එකකවත් පැක් කඩලා නෑ...

"මේක ඇදන් එන්නකෝ..."

අත් දිග ශර්ට් එකකුයි දික් කලිසමකුයි ඇද උඩින් තියලා පීටර්ව කාමරේ දොර වැහුවා...මට මැවිලා පේනවා පීටර් ඒ කිට් එකට ඉන්න විදිහ...මාර හැන්සම්..ඒත් එයාව අයිති කෙනීටනේ...

(🙂💔 මම නම් ඔහොම පරාජේ බාර ගන්නෙ නෑ අෆ්ෆා...)

"ක්ක්ක්ක්...හීර්‍රවෙල්ල්...ග්ජී..."

කුනුහරප තොගයක් කාමරෙන් ඇහෙන්න ගත්ත නිසා මම දොර ඇරියා...හුටා...මේකා නම් මේ ලෝකේ එකෙක් නෙමේ...කොහොමත් එහෙමනේ...

කියන්න සන්තෝසයි...ශර්ට් එකේ අත දාන තැනින් බෙල්ල දාලා අනිත් අතට කකුලක් දාන් දගලනවා...ඒ මදිවට මේ ගොං ගහ ඇදුම් ඇදලා තියෙන්නේ ඇදන් හිටිය එකට උඩින්..අදින්න දීපු ඩෙනිමේ ඉන ඔලුවෙ නමං ....යකූ මූට විසි පහක්ද මාස පහක්ද...
තොල හපන් හිනාව තද කරන් එයා ගාවට ගිහින් මම එයාගේ බෙල්ල ශර්ට් එකේ අතින් එලියට ගත්තා...එතකොටම ශර්ට් එකේ අනිත් අත කකුලකට බස්සන් හිටිය නිසා මේකා බිම...
ඉවසීමේ සීමාව එක්කම මාවත් පීටර්ගේ ඇගට වැටුනේ හිනාව නවත්තගන්න බැරුව...
හිනා වෙවීම පීටර්ගේ ඇග උඩින් නැගිටල පීටර්ගේ මූන දිහා බැලුවම මගේ හිනාව අලුත් උනේ පීටර්ගේ මූන ඒ තරම් සුන්දර මුහුනක් අෆ්ෆා ඒක..

"හිනා නොවී මේක ඇදගන්න උදවු වෙනවකෝ..."

හිනා වෙන එකයි හුස්ම ගන්න එකයි කෙල ගිලින එකයි තුනම පැටලිලා හුම්ම හිර වෙලා මම ගල් ගැහුනේ මූ මොකක්ද කිව්වේ කියලා හිතන ගමන්...

"කාරා...මොකද රතු වෙලා..."

"අ...ම්..මේ...ඇදගන්න බැයිද..."

"පුලුවන්නම් ඇදලනේ.."

හිනා උනොත් අඩන්නම වෙනවා...දැන් ඉතින් විදවන්න තියෙන්නෙ කාරා....අනෙ මගෙ අහින්සක හිත...

කලිසම නම් පීටර් දෙපාරක් කන පිට ඇදලා තුන්පාරක් ඉස්සරහ පස්ස මාරු කරලා ඇදලා හරියට ඇද ගත්තා...මම අනිත් පැත්ත බලන් ඇස් වහන් හිටියේ....

"මේ කොඩියක්ද..."

පීටර් ශර්ට් එක කරකෝ කරකෝ අහනවා...

"නෑ පීටර්...ඔය ශර්ට් එකක්...මෙන්න මෙහෙම අදින්නේ..."

ඒකත් කියා දිහා මම අනිත් පැත්ත හැරුනා...එකපාර මූ කෑ ගහන්න ගත්ත නිසා මම අනිත් පැත්ත හැරුනා...

හපොයි..ඇදන් ඉන්න එක ගලෝගන්න බැරුව දගලන්නේ....මමත් ඉතින් එයාට ඒක ගලෝගන්න ෆුල් සප් එක දුන්නා...ඊට පස්සෙයි මම කරපු ගොං වැඩේ තෙරුනේ....






😂 කාරා පව් කියන අය කෝ....

The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now