♠8♤

127 42 29
                                    

Peter pov.....🍀

කාරා මට යන්න කිව්වේ ගොඩක් දුකින් වගේ....එයා දුකින් ඉන්නවා දකිද්දි මටත්  දුකයි ...ඒ ඇයි???

මම කෙනී ගාවට කෙනෙක් එනවා දැකලා ටිකක් උඩට ගියා...ඒ කෙනාගේ කෙනීගේ අත් දෙකෙන් අල්ලන් මොනාදෝ කියලා ගියේ කෙනීව සිපගනිමින්...ඊට පස්ස මම හිමින් පහලට ආවා...

"ඈහ්.....ඔයා....උඩින්ද ආවේ...ඔයා පීටර් පෑන්ද..."

කෙනී සතුටින් කෑ ගැහුවේ මාව අදුරගෙන....අර කොල්ලා කෙනීව සිපගෙන යද්දි මට දුකක් දැනුනෙ නෑ...පුදුමයි...

"ඔයා...කොහොමද දන්නේ.."

"මගේ ආච්චියි අත්තම්මයි දෙන්නම මට ඔයා ගැන කියලා තියනවා... ඔයා ගොඩක් ලොකු වෙලා...ජේන් ආච්චිගේ චිත්‍ර වලට වඩා ඔයා හැන්සම්..."

කෙනී එයාගේ අතින් මගේ නිකට අල්ලන් කිව්වේ හුරතල් විදිහට...මට කෙනීගෙන් උදවු ගන්න පුලුවන් කියලා මට හිතුනා...

" කෙනී...කෙනෙක් ගාව ඉද්දි සතුට දුක වගේ ඔක්කොම හැගීම් දැනෙනවා නම් ඒ මොකක්ද..."

"දැන් කා ගැනද දැනෙන්නේ..."

"....කාරා...."

"පීටර්...ඒ ආදරේ..."

"මම...දන්නෙ නෑ..."

"ආදරේ කියන්නේ උගන්නන විශයක් නෙමේ...ඉගන ගන්න ඕන දෙයක්....පීටර්...කාරා හොද කෙනෙක්...එයාට ඕක කියන්න..."

"එයා කොහෙද..."

"එයා....ආහ්...දෙයියනේ...පීටර්...ඔයා ඉක්මන්ට යන්න...කාරාට යුනිවසිටි එකේ කොල්ලො වගයක් කරදර කරන්න එලවනවා..."

කෙනී දිහාවත් නොබලා මම ඉහලට නැගුනේ බයෙන්...කාරා...මම...මම එයාට ආදරෙයි....








Kara pov......🎀

පීටර්...කෙනීට කැමතියි..
කෙනී පීටර්ට කැමතියි...
මන් පීටර්ට කැමතියි...

(එල්සා ජැක්ට කැමතියි
ජැක් එල්සාට කැමතියි
🤧💔 මම දෙන්නටම කැමතියි)

"ආ...අනාත කෙල්ල කොහෙද යන්නේ.."

ආපු කටහඩින් මම ගැස්සුනා...අර නසරානි ටික...

"ආ...මොකෝ කෙල්ලේ අඩන්නේ...අනාත නිවාසෙන් එලෙව්වද.."

"ප්ලීස්..මට යන්න දෙනවා..."

"කොහෙ යන්නද...උබට අම්මෙක් අප්පෙක් නෑනේ..."

ඒ වචන මට පිහි තුඩුවලින් අනිනවා වගේ....

"කැමති නම් අපි ජොබ් එකක් දෙන්නම්..කැෆේ වල වගේ ලොකු වැඩ නෑ.."

"මට රස්සා ඕන නෑ...මට ඉන්න දෙන්න ප්ලීස්..."

"කොහොමද එහෙම කරන්නේ...ආ...හ්..."

එක්කෙනෙක් ඇවිත් මගේ උරහිස් වලින් අල්ල ගන්න යද්දිම එයා විසික් වෙලා ගියේ කාගේ හරි පාරකින්..

"මොකෙක්ද ඒ...."

"භූතයෙක්ද..."

"මගෙ අම්මෝ....හොල්මනා..ක්."

පීටර්ව දැක්ක උන් ටික බයේ දිව්වා...ශිට්..මදෑ ෆයිට් එකක් බලා ගන්න හිටියා...ඒ එක්කම මම බිම බලා ගත්තේ කෙනී මතක් වෙලා...
පීටර් නිහඩවම මාව වඩාගෙන ගෙදරට යද්දි මම කිසි ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ...

"කාරා...i love you.... මම නෙමේ කෙනීව කිස් කලේ...වෙන කෙනෙක්.."

මම මුකුත් කිව්වේ නෑ...එයාගේ ඇස් වලින් වැටුන කදුලු මගේ මූනට වැටිලා මගේ කදුලු එක්ක මිශ්‍ර වෙලා ගලන් ගියා....
ගෙදරට ආවම මාව කාමරෙන් තියල එයා නිහඩවම ගියා...

එයා මට ආදරෙයි කිව්වා...ඒක හීනයක්ද...නෑ කාරා...එයා කිව්වා...මම මොනාද කිව්වේ....ආශ්...ගොන් තඩි බූරූ හරක් වහු කෙල්ල...මුකුත් කිව්වෙ නෑනේ...

ඒක මතක් වෙලා කාමරෙන් දුවන්න යද්දි පීටර් මගේ ඉස්සරහට ආවා...එයාගේ සුපුරුදු ඇදුම ඇදන් තොප්පිය දාන්....මොන විච්චූරන ඇදුම ඇන්දත් එයාගේ ඇදුම තරම් එයාට හරියන්නේ නෑ...

"කාරා...මම යනවා..මේ ලෝකේ මට ඉන්න බෑ...සංකීර්න වැඩියි..."

"ඔයා ආදරය කරන කෙනා දාලා යන්න පුලුවන්ද..."

"එයා නැතත් එයාගේ ආදරේ මා එක්ක ඉදී.."

මම එකපාර ගිහින් එයාගේ කරට පැන්නා..

"මෝඩ පීටර්...මාව දාලා ඔයාට කොහෙවත් යන්න බෑ...මොකද මම ඔයාට ආදරෙයි..."

"ඔයත් එනවද???"

"ඔව්...මේ ලෝකේ සංකීර්නයි...ඔයා එක්ක හැමදාම සතුටින් ඉන්න මම ආසයි.."














උතුරු පසින් පෑයූ දෙවනි තරුව...
එතන ඇත්තේ වෙනම ලෝකයකි..
දෑස් විදහා බලන්න....
නොපෙනෙන මායාවල් විශ්වාස කරන්න...
ඔබේ ආදරයේ අනාගතය එය විය හැකියි...


පීටර් කාරා....නැති රටේ සතුටින් හිටියා...😂 කැප්ටන් හුඩ් වගේ පිටර්ට රෙදි හෝදන්න නම් උනේ නෑ හොදේ....






😊අනිත් කොටස අනිවාරෙන් කියවන්න... plzzz

The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now