✿4❀

131 39 15
                                    

හිමීට ඇස් දෙක ඇරලා බිම බලමු ගමන් මම දැක්කේ පහල තියන ගිනිපෙට්ටි වගේ ගෙවල්...යකෝව්...මේ ගිනිකුරුල්ලා මාව මරන්නද යන්නේ...වැටුනොත් එහෙම අච්චාරු වෙනවා...බයටම මම පීටර්ගේ බෙල්ල හයියෙන් අල්ලගත්තා...

"ඕයි...කාරා...බෙල්ල අතාරිනවා..මම ඔයාව අතාරින්නේ නෑ කෙල්ලෙ.."

"කියන්න බෑනේ..."

"ඇයි..."

"එහෙම තමා...අනේ..බිමට යන්කෝ...ශොප් එක අර තියෙන්නේ...හිමීට පහලට යනවකූ...."

කට කොනින් හිනා වෙවී පීටර් ජෙට් එක වගෙ පහලට ගියා...මාව බය කරලා මේකා ලබන කුරිරු සතුට මොකක්ද අෆ්ෆා...
එයා ශොප් එකේ පිටිපස්සට ඇවිත් මාව බිමින් තියලා විසිරිලා තිබ්බ මගේ කොන්ඩේ එයාගේ අත් වලින් හැදුවා...

(😁 ඩාම් වෙලා ඩූම් වුනා හීක්ස්...)

"ඔහොම හිටියොත් ඇස් දෙකේ කලු බෝල දෙක අතුරුදහන් වෙයි.."

මම මගේ ඔලුවට උඩින් තියන පීටර්ගේ අත් දෙක දිහා බලන් ඉද්දි පීටර් කිව්වේ හිනා වෙවී...

"මම යනො...මා එක්කම ඉන්නවා..."

මගේ ඔලුව එයාගෙන් බේරගෙන මම හිමින් ශොප් එකට රින්ගුවා...මම යද්දි මා එක්ක වැඩ කරන යූරා ඇවිත් ඒප්‍රන් එක ගන්නවා....පීටර්ගේ වේගෙ නම් නරක නෑ...

"ආ...කාරා...අද නම් කලින්..."

"හී...අද යුනිවසිටි කලින් ඇරියා ..."

"ආ...අද බොස් ශොප් එකෙ වැඩ වලින් අයින් වෙනවා කිව්වා..."

"රස්සාව....."

"නෑ කෙල්ලේ...සර්ගේ පුතා එනවලු මේක බාරගන්න.."

ආ තව සුට්ටෙන් කියන්න බැරි වෙනවා...මම වැඩ කරන්නේ ඩැනියල් අන්කල්ගේ (ජේන්ගේ මල්ලි ඒ කියන්නෙ වෙන්ඩිගේ පුතා) පුතා මිස්ටර් ලියොන් ගාව...මට මීට වඩා හොද රස්සාවක් දෙන්න ගියත් මම කැමති නෑ අනාතයෙක් කියලා මට අනුකම්පා කරනවට....ලියොන්ගේ පුතා කෙවින් හරි හොදයි...මට මගෙ සහෝදරයෙන් වගේ..

"කෙවින් නම් මේක හොදට බලාගනියි..."

"කාරා..ඔයා එයාව දන්නවද..."

"හ්ම්ම්...ලියොන් සර්ගේ නැන්දාව මම දන්නවා..."

"හ්ම්..කස්ටමර්ස්ලා එනවා...ඉක්මන්ට වැඩ කරමු..."





අද වාසනාවන්ත දවසක්...හිතුවටත් වඩා කස්ටර්මර්ස්ලා ආවා...පීටර් මගේ ලගම ඉදන් මගේ වැඩ වලට උදවු උනා..
හවස් වෙද්දි ලියොන් සර් ආවේ කෙවින් එක්ක..

"සර්...."

"ආ...කාරා දුව...අද ඉදන් මේකේ වැඩ බලන්නෙ කෙවින්...කෙවින් මේ කාරා....යූරා...."

"හේයි..."

කෙවින් ජේන් ආච්චිගෙ වගේ දුබුරු පාට කොන්ඩේ අතින් හද හද අනිත් අත වැනුවා...

"අයියේ...මාව අදුන්වලා දෙන්නේ නැද්ද..."

කෙවින්ගෙ නංගි කෙනී දුවන් ඇවිත් කෙවින්ගේ අතේ එල්ලුනා...මම බැලුවේ පීටර් දිහා..එයා නම් කටත් ඇරන්...මගේ හිතට කවදාවත් නොදැනුනු හැගීමක් දැනෙන්න ගද්දි මම ඒ හැගීමෙන් බේරිලා ඉන්න කෙවින්ලා එක්ක කතා කර කර ශොප් එකට ගියෙ පීටර් එක තැන ගල් වෙලා ඉද්දි..

Petar pan pov.......🍀

ඒ කෙල්ල...වාව්....ජේන්ගේ වගේ කලබලකාරී ඇස්...වෙන්ඩිගේ වගේ කහ පාට කැරලි කොන්ඩේ...එයා...එයාව තමා මම හැමවෙලේම හෙව්වේ....එයා නිකම් ජේන්ගෙයි වෙන්ඩිගෙයි එකතුවක් වගේ....
ඒ ජේන්ගේ මල්ලිගේ පුතාගේ දුවලු...
එයා...එයා මම යටපත් කරන් හිටිය හැගීමක් අවුස්සනවා කියලා මට හිතුනත්...මට දැනුනේ ඒ කෙල්ල මගෙ හිතේ තිබ්බ හැගීමක් අවහිර කරනවා වගේ....මට නිකම්ම කාරා හිටිය පැත්ත බැලුනා...එයා නෑ.....


















😁 බකට් එකක් පෙරලුවද මන්දා...

🌝 ඒම නෑනේත...

🌝 පීටර් පෑන් කෙනීට වසී වෙලා වගේ..

🙂 පුදුම වෙන්න දෙයක් නෑ...කෙනී කියන්නෙ ජේන්ගෙයි වෙන්ඩිගෙයි එකතුවක් වගේනේ..

🤧ඉදලා ඉදලා ඇවිත් බාල්දියකුත් පෙරලලා කොටම කොට එපියක් දාලා නෙහ්...

🤗 මේ ජෙසිකාට සාමාව බාජනේකට දාලා දෙන්න ස්නෝ බේබිලා....

The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now