☆1★

455 70 48
                                    

🌡️ ඩොක්ටර්...මිසිස් එඩ්මන්ගේ දරුවෙක් උපදිද්දිම නැති වෙලා..

නර්ස් කිව්ව දෙයින් ඩොක්ටර් ස්මිත් ගැස්සිලා ගියා...

🏥 මොකක්...ආහ්...ඒ මිනිහා මාව මරයි...හොදටම දන්නවනේ එඩ්මන් කියන්නේ අන්ඩවර්ඩ් එක එක්ක ලොකු සම්බන්දයක් තියන කෙනෙක්...

🌡️ ඩොක්ටර්...අ..අපිට පුලුවන් වෙයි වෙන දරුවෙක්ව මාරු කරන්න...

ස්මිත් මුකුත් නොකියා ගියේ තවමත් සිහි නැතිව ඉන්න ලීනා එඩ්මන් ගාවට...එයාට එහා පැත්තේ හුරතල් කොලු පැටියෙක් සහ නිසල ගැහැනු දරුවෙක්ගේ සිරුරක් තිබ්බා....එඩ්මන් දුවෙක්ට ආසාවෙන් හිටියා කියලා ස්මිත් දන්නවා...ඊට ඉස්සරහ ඇදෙ හිටියේ කියාරා අර්වින්...එයා ලග හිටියෙත් නිවුන් දුවෙක් සහ පුතෙක්...ලීනා කියාරා දෙන්නම දක්ශ ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරු...එඩ්මන්ට පාතාල සම්බන්දතා තිබ්බා ....අර්වින් එහෙම කෙනෙක් නොවන බව දන්න නිසා ස්මිත් මිය ගිය දරුවව කියාරා ගාවින් තියලා හොදින් ඉන්න දරුවා ලීනා ගාව තිබ්බා...එයා නොදැනුවත්කමින් කරපු දේ නිසා ලොකු විනාශයක් වෙයි කියලා එයා හීනෙන්වත් නොහිතන්න ඇති...

එහෙම හිතුවනම් එයා කිදුරු කුමරියව කවදාවත් කිදුරු දඩයක්කාරයින්ට දෙන්නෙ නෑ...








▬▬▬▬▬▬20 yers▬▬▬▬▬▬


♠ ටියා...අනේ හිමින් යනවකෝ...දැන්ම මැරෙන්න බෑ මැනිකේ....ඔය ඔය...අනේ අද කොලේජ් යන පලවෙනි දවස...ඕයි...හිමින් යනවකෝ...

🎀 මෝඩයෝ...හොදටම පරක්කු වෙලා..

♠ ඒකට කමක් නෑ...අම්මෝ...හිමින් යනවකෝ....

🎀 නොගියොත්..

♠ නොගියොත් ආදරේ නෑ...පොඩ්ඩක්වත්..

🎀 ඔයා කොහොම කිව්වත් මම දන්නවා ඔයා ආදරෙයි කියලා...

♠ ඒකනි...හිමින් යන්ද සුදූ...ම්ම්..

🎀 බෑ...

මම ස්කූටියේ වේගේ තව ටිකක් වැඩි කරා...මම ටියා...එඩ්මන්ගෙයි ලීනාගෙයි එකම දුව...මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න එකම කෙල්ල නිසා මට හැමෝම ආදරෙයි...පිටිපස්සට වෙලා මාව හුලගේ යයි වගේ බදාගෙන ඉන්නේ මගේ ට්වින්..ටෙරන්ස් ...එයා මට වඩා ගොඩක් වෙනස්...ඒත් මට ආදරෙයි..

එකපාරම කාර් එකක් හරෝපු නිසා මම ස්කූටියේ බ්‍රේක් ගැහුවා...තව ටිකෙන් අපි දෙන්නම බිම...කාර් එකෙන් බැස්සේ කොල්ලො දෙන්නෙක්...අපේ වයසෙ වගේ..

♠ කොහෙ බලන්ද උබලා යන්නේ...ආ..තව ටිකෙන් ඉවරයි...

මායි අයියයි වෙනස් වෙන්නෙ ඔතනදි...අයියලා තුන්දෙනාම ගොඩක් කලහකාරි...මගේ දෙමව්පියොත් එහෙමයි...ඒත් මම එහෙම නෑ...

🎀 අයියෝ...ඕක ඇති..අපි හයියෙන් ආවේ...අපිට සමාවෙන්න..

♠ ටියා...මුන්ගෙන් අපි සමාවගන්නෙ මොකද..

🎀 ටෙරන්ස්..මූලග්ගින්න වගේ කෑ ගහන්න එපා හලො..

☁ අපිට සමාවෙන්න....ඔයාලාව දැක්කෙ නෑ..

🎀 ඕකේ...මම හයියෙන් ආව එකට සොරි...ඔයාලාත් කොලේජ් යන්න වගේ..

එයාලාගේ යුනිෆෝම් එක දැක්ක නිසා මම කිව්වා..

☁ ඔව්...මම ඈශ්...මේ රෝයි...අද අපේ පලවෙනි දවස..

🎀 අපෙත්...හුටා...පරක්කු වෙලා...එහෙනම් කොල්ලො අපි ගියා..

ආය හෙල්මට් එක දාන් අයියවත් පාස්සට දාන් මම ස්කූටිය ස්ටාර්ට් කරා...අයියාට මට වඩා හොදට එලවන්න පුලුවන්...ඒත් ඉතින් මහේ එකසිය හැට හතර මායම්වලින් බේරෙන්න එයාට බෑ...ඒ නිසයි එයා හැමදාම උදෙට ජීවිතේ අනතුරේ දාගන්නේ...









🤗 අද විශේශ දවසක් නිසා අලුත් එකක් ලියන්න හිතුනා...

Twin Mermaid ✔️✔️Where stories live. Discover now