☆7★

213 54 3
                                    

තනි කෙනෙක්ට මේ ගේ ගොඩක් ලොකුයි....ෆ්‍රිජ් එක කෑම වලින් පුරෝලා...මට පොඩිවත් දුකක් දෙන්න ගෙදර අය ආස නෑ...සීරුනත් මාව ඉස්පිරිතාලේ උස්සන් යනවා....මට ඒ ආදරේ වැඩියි වගේ....

ඔලුව ආයමත් රිදෙන්න ගත්ත නිසා ලගම තිබ්බ පුටුවක් ඇදලා අරන් මන් ඒකේ වාඩි වෙලා මේසෙන් ඔලුව තියා ගත්තා...






☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆

උපතේ සිට ඕනෑම කිදුරෙක්ට පරිවර්තනය විය හැකි මුත් අවුරුදු විස්සේ සිට අනිවාරෙන් වැඩි කාලයක් ජලය සමග සිටිය යුතුය...අවුරුදු විස්ස වන තෙක් අවශ්‍ය නම් පරිවර්තනය නොවී සිටිය හැක..

★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★

ට්‍රීං.....ට්‍රිං....

ඒ දොරේ බෙල් එකේ සද්දෙ...ඔලුවෙ කැක්කුමට නිදා ගත්ත පාර මට නින්ද ගිහින්...සොම්බියා වගේ තිබ්බ කින්ඩෙත් හදාගෙන මම දොර ඇරියා...ගේ ඉස්සරහ හිටියෙ ඈශ් රෝයි දෙන්නා...

☁ ඈ බොල කෙල්ලෙ අද කොලේජ් යන්නෙ නැද්ද...

☉ ගිහින් ලෑස්ති වෙනව...

හුටා...මගෙ සූකිරි මොලේට ඒක තේරුනේ නැති හැටියක්....

🎀 මං එනකල් ඇතුලෙන් ඉන්න...

දොරත් ඇරලා දාලා මම නානකාමරෙට ගියෙ මටම බැන බැන....

මම ලෑස්ති වෙලා එද්දි කොලේජ් යන්න විනාඩි කීපයයි තිබ්බේ....රෝයිගේ ඩ්‍රයිවින් වලට පින් සිද්ද වෙන්න වෙලාවට ගියා...

☁ ටියා...අපේ ඇස් මානේ ඉන්න ..

🎀 ඒ මොන රෙද්දකටද...

☁ ඔයාගේ අයියා අපිට ඔයාව බාරදීලා ගියේ...

🎀 හුම්....එයාලා දැන් කොහෙ ඇද්ද...

මම ඔලුව පහලට නවන් කියද්දි රෝයි මගේ කරවටේ අත දා ගත්තා...

☉ අද ඉදන් මම ඔයාගේ අයියා...ටෙරන්ස් තරම් හොද අයියෙක් වෙන්න බැරි වෙයි..

🎀 ඔයාවත් මට දැනෙන්නෙ අයියා වගේමයි රෝයි...

ඔව්...රෝයිව දකින හැම වෙලේම මගේ හිතට ආවේ අමුතු හැගීමක්....ඒ හැගීම ගැන කියන්න තේරෙන්නෙ නෑ...නිකම් ගොඩ කාලෙක ඉදන් දන්න කෙනෙක් වගේ...

☁ ඔය දෙන්නා අයියයි නංගියි නම් මම කවුද..

🎀 මගෙ හොදම යාලුවා..

ඈශ් මූන බෙරි කරන් යන්න යද්දි මම එයාගේ කරට පැන්නා....😌 අද ඉදන් ඔය දෙන්නාගෙ අපල කාලේ පටන් ගන්නවා.


@♦♣♠⛃⛁

♣ ටෙරන්ස්...මොකද..

රොන් ඇහුවේ ඇස් දෙකේ කදුලු පුරවන් මුහුද දිහා බලන් ඉන්න ටෙරන්ස්ගෙන්..
ටොමුත් අත් දෙක සාක්කුවේ ඔබන් තමන්ගෙ සහෝදරයො දෙන්නා ඉන්න තැනට ආවා...

♠ ඒන්ජල් මතක් උනා..

♣ මටත්...එයා නැතුව පාලුයි...

♠ අනේ අපි එයාවත් ගේමු...

♦ ඔයා දන්නවනෙ...එයා මේ වැඩවලට ආස නෑ....තාත්තා එයාගේ හිත රිද්දන්න කැමති නෑ...

♠ තනියෙන් ඉද්දියි එයාගේ හිත රිදෙන්නේ...එයා මම නැතුව එක රැයක් ඉදලා නෑ...

ටෙරන්ස් ඇස් දෙකෙන් එන කදුලු පිහුවා...ඇත්තටම නිවුන්නු නොවුනත් ඒ දෙන්නාගේ සහෝදරකම ගොඩක් ශක්තිමත්...

⛁ මොකද මේ කවදාවත් අඩන්නෙ නැති කොල්ලා අඩන්නේ...

♣ ඒන්ජල්ව මතක් වෙලා අම්මේ..

⛃ කෙල්ලගේ කට නැතුව මටත් පාලුයි පුතා...ඒත් එයා මේ දේවල් දැන ගන්න ඕන නෑ...

♠ එහෙනම් මාව නංගි ගාවට යවන්නකෝ තාත්තෙ..

⛃ පිස්සුද...ඔයාලා මේ දඩයම අපේ පරම්පරාවේ එකක්..

♠ එතකොට නංගි..

⛃ මම ආස නෑ කෙල්ල මේවට සම්බන්ද වෙනවට...තව ටික දවසකින් ආය යනවනේ..

එඩ්මන් කියද්දි ටෙරන්ස් ඔලුව බිමට නමා ගත්තා..

⛁ තාත්තා හොදටනෙ කියන්නේ පැටියෝ..

ලීනා ටෙරන්ස්ගේ ඔලුව අතගාන්න යද්දි ටෙරන්ස් ලිනාගේ අත ගසලා දාලා එතනින් අයින් උනා


😌♦♣♠

Twin Mermaid ✔️✔️Where stories live. Discover now