☆6★

251 53 10
                                    

මම දරුනු වෙන්න ඕන නිසා කොට්ටෙ මූන ඔබාගෙන ටැප් එක හෙවත් මගේ ඇස් දෙකට කදුලු ගත්තා...

♠ ඒ....ඒන්ජල්..

🎀 ඕන නෑ...හහ්..මහ ලොකු සහෝදරයෝ....මාව දාලා යනවාමේ...ඔහොම යන්කෝ...
ඔව් මම කොහොමත් මේ පවුලෙ කෙනෙක් නෙමේනේ....

අඩ අඩ කොට්ටෙත් මූන ඔබන් මම කියද්දි ටෙරන්ස්ගේ මූන වෙනස් වෙනවා ...මට පේන්නෙ නැතත් හොදට මවා ගත්තැකි...මම ඒ තරම් එයා ගැන දන්නවා....
ටෙරන්ස් එයාගේ ලොකු අතින් මගේ ඔලුව අතගාන ගමන් කතා කරේ වෙව්ලන හඩකින්...

♠ අනී...එ...ඒන්ජල්...ඔයා තමා අපේ මැනික....ඔයාව එක්කන් යන්නෙ ...නැත්තේ....ඔයාගෙම හොදට පැටියො...මේ...ඔයාට කොලේජ් එක ගාව ගෙයක් අරන්...මේ සතියෙ ඉදන් එහෙ ඉන්න...ඔයා පුරුදු වෙන්න එපැයි...මාත් ඉන්නම්...අනේ අඩන එක නවත්තන්නකො....

ඈ...කොලේජ් එක ගාව ගෙයක්..සෑ වෑව්...උදේම නැගිටින්න ඕන නෑ...මම ඉද්ද ගැහුවා වගේ කෙලින් උනේ කලින් කර කර හිටිය ඇක්ට් එක අමතක කරලා..

🎀 අඩෝ නෝ...මට විතරක් ගෙයක්...වාව්...උ....

මගේ දර්සන පතයට ටෙරන්ස්ගේ රතු ඇස් අහු උන නිසා මම කට වැහුවා...බයටද මිත්‍රවරුනී...නෑ ආරස්සාවට...

♠ බොරුවටද ගෑනියේ ඇඩුවේ..

🎀 ඕයි ඕයි...ගෑනි ගෑනි කියන්න එපා.

♠ එහෙනම් කොහොමද දැන් කතා කරන්න ඕන...

🎀 ඒන්ජල් කියන්න...ඒ...න්...ජ..ල්..

♠ එවිල් ක්වීන් තමුසෙට මම....

🎀 ඕයි වෘක්ශ බව්වෝ...ඔය සුනක පාද වලින් මට අයින්න එපා..

ටෙරන්ස් එයාගේ ශක්තිමත් අත් වලට මාව හිර කරගත්තා...ෆයිට් එකක් දෙන්න තමා තියෙන්නේ...මම මගේ තිස් දෙකෙන්ම ටෙරන්ස්ගේ අත හපා කෑවා...එයාගේ අත බුරුල් උනාම මම දුවන්න ගියත් එයා එයාගේ කකුලේ මගෙ කොන්ඩේ පටලෝ ගත්තා...රෙද්ද කොන්ඩෙ දිගට වැවුවෙ මොන රෙද්දටද කියලා හිතෙනව අෆ්ෆා...

🎀 ඌයි...හරකො...රිදෙනවා...

ටෙරන්ස් මගේ කොන්ඩෙ කකුලින් ඇද්දා..මේවා ඉතින් මට සාමාන්‍ය දේවල්...
අමාරුවෙන් බෙල්ල හරවන් ටෙරන්ස්ගේ කකුලත් කාලා කකුල පැටලි පැටලි මම දුවන් ආවේ එලියට ....දත් තමා මගේ සුපර්ම ආයුදය...අනික මේ අවස්තාවේ ගෙදර හිටියොත් ටෙරන්ස් මාව මරලා බලු කපුටු දානයක් දෙනවා...ඒ නිසා ගෙයින් පැනගන්න ඕන...හැමදාම මෙහෙම තමා ඉතින්...
ඇදන් හිටිය දනිස්සට දිග ඩෙනිම් එකයි වැලමිට ගාවට අත් තියන කොල්ලො අදින ශර්ට් එකයි ගේ ඉස්සරහම තිබ්බ ටෙරන්ස්ගේ අලුත්ම සපත්තු දෙකයි දාන් මම පාරට බැස්සා...ගවුම් නම් මට අරහං...
පස්ස බල බල ටික දුරක් ගිය මාව දඩබඩාරියං කියලා වැටුනා...
කොල්ලෙක්ගෙ ඇගක වැදිලා නෙමේ...ලයිට් කනුවක වැදිලා..ඒ තරම් මගේ සිහි කල්පනාව ඉහල මට්ටමක තියෙන්නේ...

Twin Mermaid ✔️✔️Where stories live. Discover now