A/N Everyone please read🥺

665 87 15
                                    

First of all I wish u all a verry happy new year my red roses....... ❤❤❤❤ i love u all soo much.......

මම ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි මගේ රෝස මල් ටික. ඔයාල නිසා තමා මම ඇත්තටම මෙච්චර දුරක් ආවෙ. මම wattpad එකට join උනේ 2021 april 26 followers ලා 0 න් පටන් ගත්ත aro ගෙ ජිවිතේට අද වෙද්දි followers ලා 309 ක් ඉන්නවා. ඒ followersලා 0න් පටන් ගත්ත මට මගේ ලිවීමේ හැකියාව දියුණු කර ගන්න වගේම මගේ කතාවල අඩුපාඩු හදා ගන්න මට උදව්වක් උනේ sas-lis-catඔයා තමා nanga. Thank u soo much ඔයා නිසා තමා අද මම මේ වගේ තැනක ඉන්නේ. Aro ගෙ ජිවීතේ සාර්ථකත්වය පිටි පස්සේ ඉන්නේ කවුද කියල ඇහුවොත් පලවෙනියටම මම කියන්නේ ඔයා කියල. මගේ රෝස මල් ටික දැන් තරහ වෙන්න එපා ඔයාලත් හැම වෙලේම මගේ සාර්ථකත්වය පිටිපස්සේ හිටියා.

මට එපා වෙලා හිටිය ගොඩාක් වෙලාවල් වලට ඔයාල මාව එක වචනෙකින් හරි සැනසුවා. __vimneth & n_t_h_i_n_g_7_7_7_7 අක්කිලා දෙන්නට පින් මම අවුලෙන් හිටපු හැම වෙලේම මගේ අක්කලා දෙන්නෙක් වගේ මගේ හිත සැනසුවට වගේම මාව තේරුම් ගත්තට.

මගේ පොත් 5ක් තියෙනවා. 1ක් මගේ යාලුවෙක්ගේ 2ක් complete.

1. My sexy c.e.o boyfriend
2. Just for his body
3. The truth untold ( completed )
4. Fall in love with my bodyguard ( completed )

ආරො මේ පොත් 4න් එයාගේ ලේඛක ජීවිතේ ජය අරගෙන තියෙනවා. ඉතින් ආරෝ වගේම මමත් මගේ ජීවිතේ ජය ගන්න ඕනෙ. ඒකට මට කාලයක් ඕනෙ. මොකද ආරොගෙ ජීවිතෙන් මම ජයග්‍රහණ ගොඩාක් ගත්තට මට මගේ ජීවිතේ ජය ගන්න බැරි උනා.

මම මේ අවුරුද්දේ o/l ඒ කියන්නේ තව මාස 5කින්. මට මගේ ජීවිතෙත් ගොඩාක් ලොකු ජයක් තියෙනව ගන්න. මම ඒක ගන්න ඕනෙ. ඉතින් මම හැදුවේ මේ 2022 වසරේදී මගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න නම් මට මේ කැපකිරීම කරන්නම වෙනවා.

සමාවෙන්න මම මාස 5කට තාවකාලිකව ආරො ගේ ජීවිතේට සමුදෙනවා. ඇත්තටම සමා වෙන්න. මට මේක ලියද්දිත් ඇඩෙනවා කරන්න් දෙයක් නෑ.

🚫 මම ගියාට මේ පොත් එකක්වත් අයින් කරන්නෙ නෑ 🚫

අන්තිමට කියන්න තියෙන්නේ මම වගේම තව මාස 5න් සාමාන්‍ය පෙල කරන්න ඉන්න අයත් අදම පටන් ගන්න. ඔයාලට බැරි වෙන්නේ නෑ. තමන්ට අවංක වෙන්නෙ. ගිය අවුරුද්දේ අපතේ ගිය කාලෙ ගැන දැන් හිතන්න එපා. අදින් පටන් ගන්න , ඔයාලට බැරි නෑ.

එහෙනම් මම ආරො ගේ ජීවිතේට වගේම wattpad එකටත් මේ විදිහට සමු දෙන්නම්. ආදරෙයි ඔයාල හැමෝටම.. මාව අමතක කරන්න එපා❤❤❤...

- Kim__Aro🌸 -

You've reached the end of published parts.

⏰ Last updated: Mar 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now