2.

687 203 54
                                    

මධ්‍යම රාත්‍රිය පැමිනියත් ටේ තවම ඇද මත දිග හැරගත් පොත උකුල මත තබා ඔරලොසුව දෙස බලාසිටියි.

Knock knock

" ටිකක් ඉන්න "
ටේ ලහි ලහියෙන් නැගිට දොර වෙත ගියේය.

" සමාවෙන්න මහත්මයා , වැඩ ඉවරවෙනකොට හිතුවටත් වඩා වෙලා ගියා. "
සේවකයා ඇතුලට විත් දොර අඩවල් කලේය.

" ඒකට කමක් නෑ මං පොතක් කියව කියව හිටියේ "
ටේ ඔහුගේ අතෙහි වූ පොත දෙස බැලිය. එය කියවන්නට ගත් පිටුවේ වචනයක් පමනක් කියවූ ඔහු කල්පනා කරමින් සිටියේ අර සිතුවම පිලිබදවය.

" මහත්තයා මට බොහොම මහන්සි. මං කෙටියෙන් විස්තර කරන්නම් "
ඈනුමක් අරිමින් පුටුවක් මතට බරවූ හේ උගුර පදා කතාව ආරම්භ කලේය.

" අපේ ඉස්පිරිතාලෙ ඉන්නේ රෝගින්ගේ පවුල්වල අය පෝසත් . චිත්‍රේ හිටියෙත් එහෙම පවුලකින් මෙහෙට ආපු කෙනෙක්. හරිම මුරණ්ඩුයි. ඒවගේම ආඩම්බරකාරයි. හරියට කේන්තියනවා. "

" මෙහාට ආපු හේතුව "
ටේට විශ්වාස කල නොහැකි වුනා මෙතරම් ලස්සන තරුණයෙකුට මානසික රෝගයක් තිබෙන බව.

" හිනෙන් බය වෙනවා. එක එක දේවල් මැවිලා පේනවා. නන්විකාරයෙන් දොඩවනවා. මේ හැමදේම හරි දරුණුවට තිබුනා කියලයි කියන්නේ "
සෙවකයා විස්තර කරලා වටපිට බලයි.

" ඔබට මොනාහෝ අවශ්‍යද "

" වතුර වීදුරුවක් "
සේවකයා අහිංසක ලෙස සිනාවිය. ටේ හිසවනා සිනාසී නැගිට මේසය අසලට ගියේය.

" ඔය අතරෙයි අලුත් දොස්තර මහත්මයෙක් අපේ රෝහලට ආවේ. හැබැයි දොස්තර මහත්තයා නම් යස ඉලන්දාරියා. "
සේවකයා පුටුව මත හරිබරි ගැසී වාඩිවී සිරුර සැහැල්ලු කරගත්තේය.

" ඔය කියන්නේ චිත්‍රේ ඇදපු කෙනාද " 
ටේ ජොග්ගුව ඔසවා සෙමෙන් වතුර වත් කරමින් අසයි.

" ඔව් ඔව් "
ටේගේ අතින් වතුර වීදුරුව ගත් සේවකයා එය එක හුස්මට බීවේය.

ටේ ඔහු දෙස බලා ඇද මත වාඩිවි අතෙහි රැදි වතුර බිදු කලිසමේ පිසදාගත්තේය.

" ඔය දොස්තර මහත්තයා එක්ක පොඩි සම්බන්ධයක් අර ලෙඩාට තිබ්බා. ඒක ගොඩක් ආදරණිය වුනා මහත්මයා. ඒදෙන්නා හැමදාම හවස අර එහා පේන විලෝ ගස් හෙවනේ වාඩිවෙලා ඉන්නවා.

සමහරක් දාට සිංදු කියනවා. දොස්තර මහත්තයා ගිටාර් ගහනවා. අහං ඉන්න ආසයි.

ඒත් එක දවසක් ඒ ලෙඩාගේ පවුලේ උදවිය ඇවිත් ලෙඩාව බලෙන්ම එක්ක ගියා ගෙදර , එදා දෙන්නම ගොඩක් ඇඩුවා. දොස්තර මහත්මයා තනි වුනා. "

"  එයා දැන් කෝ "
ටේට අසයි.

" කවුද "

" පින්තුරේ ඉන්න කෙනා "

" අනේ කවුද දන්නේ මහත්තයෝ "

" එතකොට , ඩොක්ටර් කොහෙද "

" එයා ඉන්නවා "

" කොහෙද "
















ඔයාලගේ කමෙන්ට් එක්ක කොහේ ස්ලෝ යන්නද . හුම්ම්.....සෙද්ද.

මෙකෙන් පස්සෙ ස්ලෝ 🤧

Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now