9.

537 171 13
                                    

මාව අතාරිනවා ,
ජන්කුක්ගේ ගෙලවටා අත යවා සිටි තරුණයාව පසුපසට අදිමින් සිටින රෝහල් සේවකයට ඔහු කෑගසයි.

ඇයි මට මෙහෙම කරන්නේ ,
ජන්කුක්ගේ දෑස් දෙස බැලූ තරුණයා මුමුනයි.

" මං ඒවෙලාවේ හිටියේ කිසිදෙයක් හිතාගන්න පුලුවන් මානසිකත්වයක නෙමේ. එයාව ආයෙත් ඇදන් යනකන් මං බලන් හිටියා. එයා නැවත නැවතත් මට පාඩුවේ ඉන්න දෙන්න කියලා අයදිනකනුත් මං බලන් හිටියා "
ජන්කුක්ගෙන් මදක් කනස්සලු බවක් ටේ දකී.

මිස්ටර් ජියෝන් , සිදුවුන අපහසුතාවයට මං සමාව ඉල්ලනවා. එයා ගොඩක් මුරණ්ඩු වගේම ආඩම්බර කෙනෙක්
ජන්කුක් අසලට ආ ප්‍රධාන වෛද්‍යවරයා කියයි. ජන්කුක් ඔහුහා සිනාවන්නට උත්සහ දරයි.

මේ පැත්තෙන් එන්න. මං ඔබ වෙනුවෙන් සුදානම් කල නිදන කාමරය පෙන්වන්නම්
ජන්කුක් ප්‍රදාන වෛද්‍යවරයා පසුපස ගමන් කරයි. ඒත් ඔහුගේ මනස තුල කැලතෙන්නේ එක් දෙයක්.

" ඔහු හා කතා කිරිමට ඕන , මගේ හිත කිව්වේම ඒක "
ජන්කුක් සුසුමක් පිටකරයි.

ජන්කුක්ගේ කුටියේන් සියුම් ලැවැන්ඩර් මල් සුවදක් වහනය වන බව ටේහියෝන්ට දැනින.

" ඉදින් ඔබ ඔහුහා කතා කලාද "
ටේ තමන් වාඩිවී සිටින ඉරියව්ව මදක් වෙනස් කලේය.

ටේහියෝන් ජන්කුක් බී අවසන් කල කෝපි කෝප්පය හා තම කෝපි කොප්පය බන්දේසිය මත තිබ්බේය.

ඒවායේ අඩියේ රැදුනු කොපි කුඩු දැනටත් කොප්පයටම වේලි ඇත්තේ ටේ හා ජන්කුක් බොහෝවෙලා කතාකරමින් සිටි බව කියාපාමින්.

" ඔව් මං හවස් යාමයේ රෝහලේ ඇවිදිනකොට එයා එක්ක කතා කරන්න අවස්තාවක් හම්බුනා. හැබැයි ඒක සුහද කතා බහක් වුනේ නම් නෑ "
සිහින් සිනාවක් මුවට නගා ගත් ජන්කුක් අතීතය සිහි කලා.

" දන්නවද එයා පුංචී ලිලී මලක් , සුදුයි රෝසයි මිශ්‍ර සිනිදු පුංචී ලිලී මලක්"
බාගෙට විවරව තිබූ ජනේලයන් සීත සුලං ගලයි. අදුර අතරින් ඈතින් පේන ලිලී මල් යාය දෙස බලා සිටි ජන්කුක් නැවත සිනාවුනා.

































ඔයාලට තෙරෙනවද මම ලියලා තියන විදිය. 🤧

ඒක මෙහෙමයි තද අකුරින් කෝමා රහිතව තියෙන්නේ අතීතයේ කියපූ වාක්‍ය.. ඒවත් එක්කම එකදිගට ලියලා තියෙන්නේ අතීත කොටස්

උඩු කොමා එක්ක ලියන්නේ දැන් එයාලා කතා කරන ඒවා හා එවත් එක්ක වෙන ඒවා.

මේ ස්ටයිල් එක පැටලෙනවද ඔයාලට

Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now