19.

443 149 15
                                    

අදට ජිමින්ව ඇදිමට ගෙන සතියක් වනවා.
සිතුවමෙන් අඩකට වඩා වැඩ නිමවු බව සත්‍ය වුවත් ජන්කුක් සිතුවම නිමකිරිමට ප්‍රමාද වුනා.

ඒ ඇයි කියා ජිමින් ජන්කුක්ගේන් ප්‍රශ්න කරනවිට ඔහු කියා සිටියේ . ජීවමාන පුද්ගලයෙකු දෙස බලා අදින නිසත් හැගීම් සිතුවමෙන් පෙන්වීමට අවැසි නිසත් තරමක් ප්‍රමාද වන බවයි.

එහෙත් සත්‍ය ඊටවඩා වෙනස්වුනා.

ජන්කුක්ට සිතුවම ඇද අවසන් කිරිමට උවමනාවක් නොවීම පළවන හේතුව වනවිට දෙවන හේතුව වශයෙන් ජන්කුක් ජිමින්දෙස බලන සෑම මොහොතකම ඔහුගේ ඇස් තුල අතරමන් වීම ගැන කියන්න පුලුවනි.

මෙලෙස එකදිගට සිදුවන අතරමං වීමත් සමග ජන්කුක් මුහුණ දුන් අනෙක් ප්‍රශ්නය වන්නේ ජිමින් දෙස බලා කොළය දෙස බලන විට තමන් මොකද්ද කරන්න ඕනේ කියා අමතක වීමයි.

ජන්කුක් වරු ගනන් ජිමින් දෙස බලා සිටි කොලය දෙස බලන විට තමන් සිත්තමේ කොයි කොටස සම්පූර්ණ කිරිමට සිතුවේද කියා ඔහුට අමතක විය.

ඒනිසා ජිමින්ගේ ඇස් අදින්නට ඇස් දෙස බලා සිට පසුව ජිමින්ගේ තොල් ඇදිමට පින්සලට පීච් පාට වර්ණ තවරගත්තා.

සෙමෙන් සෙමෙන් සිත්තම අවසන් වීමට ආසන්න වනවිට ජන්කුක්ගේ හිත නොසන්සුන් වුනා.

ඔහු රෝගින් අතර සිටින විටත් ජිමින් ගැන සිතිමට ගොස් තම අවධානය බිදගෙන සමහර රෝගින්ගෙ තාඩන පීඩන වලට ගොදුරු වන්නටද වුනා.

අනෙක් අතට මේ වෛද්‍යවරයා කියනා කිසිවක් නොතේරෙන රෝගිනුත් අපහසුතාවයකට පත් වුනා.

විටෙක ජන්කුක් රෝගියෙක්ට කියා සිටියේ ජන්කුක්ගේ සිනිදූ විල්ලුද වන් දෑත් ගැන , තවත් අයෙකුට ඔහු කීවේ ජිමින්ට තමා කොතරම් ආදරේද කියා. තවත් වරෙක ඔහු රෝගියෙකුගෙන් අසා තිබුනේ ජිමින් තමාට කැමති වෙයි කියා ඔබ සිතනවාද කියා.

තවත් රෝගියෙකුට ජන්කුක් ජිමින් සමග විවාහ වන හැටි විස්තර කර තිබුනා වගේම සැදෑ සමය ගත කරන සැටිද කියා තිබුනා.

තවත් රෝගියෙකුට ජන්කුක් කියා තිබුනේ ඔවුන් විවාහ වූ පසු දහවල් ආහාරයට ආරාධනා කරන්නම් කියාය. ඊටපිලිතුරක් ලෙස රෝගියා හා කියාද තිබිනි.

එහෙත් රෝගින්ට කල්පනා කලේ සමහර විට මේ පිස්සෙක් වන්නට ඇතැයි කියා , නැත්තනම් නොතෙරෙන බසකි කතාකරන පිටසක්වලයෙක් කියා.

" හ්ම්............. ඔයා පව් ජන්කුක් "
ටේහියෝන් අතින් කට වසාගෙන සිනාසෙයි.

" ඔයා කියයි , ඒත්...........මං ඒකාලේ හැසිරුනේ පොඩි එකෙක් වගේ "

" ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජන්කුක් "
ටේහියෝන් ජන්කුක් දෙස බලා සිටියා. ඇත්තෙන්ම ජන්කුක්ගේ කතාව සිත්ගන්නාසුළු වුනා , ආදරණිය වුනා. ඒවගේම ජන්කුක්ගේ අසරණ බවත් හොදින්ම පේන්න තිබුනා. 

තවත් අතකට ජිමින් ජන්කුක්ටද කැමති ඇතැයි ටේහියෝන්ට හිතුනා. 

" මොකද්ද ? "

" ඇයි ඒ සිතුවම මෙහෙ තියෙන්නේ ? " ටේහියෝන් ඇහිබැම හකුලුවා අසනකොට ජන්කුක් ටේහියෝන් දෙසම බලාසිටින හැටි ටේහියෝන් දැක්කා.

" එතකොට........එතකොට කෝ ජිමින් " 

" මම සිතුවම ඇදලා ඉවරකරන්න කලින් එයා................ ගියා....... "

" ඇත්තම කියනවනම් සම්පූර්ණ කරපු සිත්තම එයා දැක්කේ නෑ " ජන්කුක්ගේ මුහුනෙන් කනස්සල්ලක් පෙන්නුම් වෙනකොට ජන්කුක් කිව්වා. 

ගියා කියන එකෙන් අදහස් වෙන්නේ.......එයා මැරිලද , ටේහියෝන් ජන්කුක්ගේ මුහුන දෙස බලා ඉදියා. නෑ එහෙම වෙන්න එපා.........ටේහියෝන් පැතුවා.  
























සෑට තව කොටසක් දෙන්නම් ,

Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now