20

467 146 24
                                    

" ජිමින්ට මොකද වුනේ ............ "

" හ්ම්......"
ජන්කුක් තමන්ගේ හිතේ තිබූ බර අඩුවෙන්න කියා සිතමින් හුස්ම පිටකලා.

යන්න එපා , මට පාළුයි එතකොට
ජිමින් දුකින් කියනවිට ජන්කුක් සිනහවුවා.

ආහ්.........මං යන්නම ඕන , වැඩි වෙලාවක් යන්නෑ. නගරයට ගියා ආවා.

ඇයි යන්නම ඕන

මගේ සහෝදරිය තනියම ජිවත් වෙන්නේ , එයා තාම පාසල් යනවා. මං එයාගැන බලන්න ඕන .........
ජන්කුක් ජිමින්ට තෙරුන් කරා.

" ජන්කුක් ඔබට සහෝදරියක් ඉන්නවද ? .........මං ඒගැන දැන හිටියේ නෑ "

" නෑ...........මට සහොදරියක් නෑ ........ "

" නෑ !! "

" ආහ්...........ඩොක්ටර් ප්ලිස් , මටත් රෝගී වාට්ටුවකින් ඇදක් දෙන්න ! "

ටේහියෝන් තම පපුව අල්ලාගෙන සිට පසුව සිනාසෙන්න විය.  ජන්කුක්ද පෙරලා සිනාවිය.

ජන්කුක් නගරයට පැමින අවසන් කිරිමට ආසන්න සිත්තම බහාලිමට ලස්සන රාමුවක් මිලදි ගත්තා.

ඉන්පසු ජිමින් කන්න ආසයි කියූ නිසා ඔහු වෙනුවෙන් මෝචි පාර්සලයකුත් මිලදිගත්තා.

තව ජිමින් කියවන්නට ආසයි කියූ බැවින් ඔහු වෙනුවෙන් නවකතා කිහිපයකුත් මිලදී ගෙන අවසාන වශයෙන් ආභරණ වෙලදසැලකින් නතර වුනා.

මොනවද මහත්මයා බැලුවේ , මං කොහොමද ඔබට උදව් කල යුත්තේ ?
වෙළදසැලේ අයිතිකරු ජන්කුක් දෙස බලා සිනහවුවා.

ඇත්තෙන්ම , මට අවශ්‍යයි මාලයක් මිලදි ගන්න , මං.........මං.........ආදරය කරන පිරිමි ළමයට
ජන්කුක්ගේ අවුරුදු විසිතුනටම ඔහු ලැජ්ජාවෙන් රතුවූ පළමු අවස්ථාව මෙය විය.පිරිමි ළමයෙකුට ? ඔබට අදහසක් තිබෙනවද ඒගැන මෝටර්
වෙළදසැලේ ප්‍රධානියා ජන්කුක්ගේන් ප්‍රශ්න කලා.

එයා අහිංසකයි , හරියට පුංචි ලිලී මලක් වගේ.........ඔව් ඒ වගේ තමා......

ලිලී ද?

ඔව් ,

පොඩ්ඩක් ඉන්න

ඔහු නැගිට ගොස් විනාඩි කිහිපයකින් නැවත පැමිනියේ කුඩා පෙට්ටියක් අතැතිවය.

මේක බලන්න

ඕහ්.........
ජන්කුක් මාලය අතට ගෙන බැලුවා.
එය කුඩා රිදි මාලයක් අතර පෙති විහිදුනු ලිලී මලක් පෙන්ඩනය ලෙස එහි තිබිනි. වැඩි වෛවර්ණ නොවුවද එය හුරුබුහුටි වුනා.

එම මාලය ජිමින්ගේ ගෙලෙහි තිබෙනු දකින්න ජන්කුක්ට අවශ්‍ය වුනා.

හොදයි , මට මෙය අවශ්‍යයි.
ජන්කුක් තෘප්තිමත් ස්වරයකින් පැවසුවා.

එය තරමක් මිල අධිකවුනා.

දැනටමත් ජන්කුක්ගේ වැටුපෙන් වැඩි කොටසක් වියදම් වී තිබිනි. වාසනාවට ජන්කුක් ඉතිරි කර තිබූ මුදලක්ද අද රැගෙන ආවා.

ජන්කුක් තම වැටුපත් , ඉතිරි කර තිබූ මුදලත් මාලය වෙනුවෙන් වැය කලේ සතුටින්‍ ය.

ජන්කුක්ට නව පාවහන් යුගලක් මිලදි ගැනිමටත් අවැසිව තිබුනද ඒපිලිබද අදහස අත් හැර පරණ පාවහන් යුගලම තව මසක් දැමීමට ජන්කුක් තීරණය කරා.

ජන්කුක් නැවත රෝහලට පැමින ජිමින්ව සෙව්වද ඔහු කොහේවත් නොසිටියා .

ජිමින් , එයා කොහෙද
ජන්කුක් සෙසු වෛද්‍යවරයෙක් නවතා ඔහුගෙන් ප්‍රශ්න කලා.

එයා ගෙදර ගියා.

ගියා !!

ඔව් ගියා , කවුදෝ ආවා , ජිමින් එක්ක කතා කලා. ඊටපස්සේ ඔහු සමග ගියා.

මං එනකන්වත් නොයිද ?

ඇයි ඔයා එනකන් ඉන්නේ , ඔයා එයාගේ කවුරුත් නෙමේනේ

ජන්කුක් බිම බලාගෙන කල්පනා කරන්න උනා.

ඔව්නේ මං කවුරුත්ම නෙමේ.


ජන්කුක් සම්පූර්ණ කතාව කියා අවසන් කර ටේහියෝන් දෙස බලා සිටියා.

" ඒක සම්පුර්ණ කතාවක් නෙමෙනේ "
ටේහියෝන් ප්‍රශ්න කරනවා. ඒත් ජන්කුක් නිහඩයි.

" ඇයි ඔයා , ජිමින්ව හොයන් ගියේ නැත්තේ "

" කොහොමද .........කොහොමද මං යන්නේ ටේහියෝන් , මොකද්ද යන්න හෙතුව .මං හරියට දන්නෑ එයා මට කැමතිද නැද්ද කියලවත් . "

ටේහියෝන් කල්පනා කරන්න උනා.

" එතකොට , ඒ කතාවේ අවසානය මේකද ? "
















































Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now