17.

475 157 21
                                    

" ජන්කුක් මට ඇත්ත කියන්න "

" මොකක් සම්බන්ධවද "

" ජන්කුක් ජිමින්ට ආදරයක කලා නේද "

" ඔව් "

" එහෙනම් කලින් කිව්වේ එහෙම නැහැ කියලා "
ටේහියෝන් දෑස් විසල් කරගත්තා.

" ටේහියෝන් , මං කිව්වේ අපි දෙන්නා අතර තිබුනේ නෑ කියලා මිසක් මගේ හිතේ ආදරයක් නොතිබුනා කියලා නෙවි "

" ඕහ් , ඒකපාර්ශවික ප්‍රේමයක් "
ටේහියෝන් පපුව මත අත තබා ගත්තා.

" ඔව් "

කාමරයට පැමිනි වහා ජන්කුක් ජිමින් තමන්ට තෝරා දුන් මල් පොකුර මේසය මතවූ මල් පොච්චියට දැමුවා.

මෙතෙක් මල් පෝච්චිය මත වූ ප්ලාස්ටික් මල් කුණුබදුනට දැමුවේ හෙටත් මල් පොකුරක් හමුවේයි යන අවිනිශ්චිත අදහසත් සමගයි.

ඒත් සමග තම සාක්කුව මත තිබූ ලැවැන්ඩර් මලක් ජන්කුක් අතට ගත්තේය.  එහි සුවද බලමින් මදහසක් පෑ ජන්කුක් එය තම මේසයේ වූ කුඩා ලාච්චුවට දැමුවා.

ජිමින් ඔහුගේ සාක්කුව මත දමාගෙන සිටි ලැවැන්ඩර් මල තැනිතලාව මත විසිකලේ ඔහු දැන් තැනිතලාවේ සිරිය විදිමින් සිටි නිසාය.
ජන්කුක් ජිමින්ට නොපෙනෙන්න ඒ මල තම උඩුකාබායේ සාක්කුව මත දමාගැනිමට තරන් බොළද වුනා.

~මට හිතාගන්න බෑ ජිමින් මේ ලැවැන්ඩර් සුවදද , එහෙම නැත්තන් ඔයාගේ සුවදද කියලා , සමහරවිට ලැවැන්ඩර් මල හොරකන් කරගත්තේ ඔයාගේ සුවද වෙන්නැති~
ජන්කුක් යටිතොල සපාගෙන කුඩා දරුවෙකු මෙන් සිනාවෙයි. ඔහු තම කම්මුල් රතු පැහැවන බව තෙරෙන විට දෑතින්ම දෑස් වසාගත්තේය.

වගකීම්ලත් මනෝවෛද්‍යවරෙයෙකු මෙසේ හැසිරෙයිද , නෑ..... එහෙත් හදවත ආදරෙන් පිරුනු මිනිසෙකු එසේ හැසිරේවි.

සතියක් පුරා ජන්කුක් ජිමින්ව සෑමදිනකම තැනිතලාවට ගෙන ගොස් නිදහස විදිමට ඉඩ දුන්නේය. ජිමින් සුපුරුදු පරිදි තැනිතලාව පුරාම ඇවිදිමින් කැඩු මල් වලිනුත් තොරාගත් හොද යැයි සම්මත මල් ජන්කුක් අතට දුන්නේය.

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now