18

443 155 15
                                    

" මං ජිමින්ට ඇදලා දෙන්න ඕන මොකද්ද කියලා හුගක් කල්පනා කලා. අන්තිමේදි මං එයාට ඇදලා දුන්නා පුංචි ලිලී මලක් ලග දැවටෙන පුංචි ලැවැන්ඩර් මලක් "

" ඔහ්......ජන්කුක් , ඉතින් එයා මොකද කිව්වේ "

තරුණ දොස්තර මහත්තයට ජිමින් කිව්වම මතක් වෙන්නේ මෙච්චර ලස්සන දෙවල්ද
ජිමින් සිත්තම දෑතින්ම වැලදගෙන දීප්තිමත් දෑසින් ජන්කුක් දෙස බැලුවා.

ඇත්තෙන්ම මං උභතෝකෝටික ප්‍රශ්නයක හිටියේ මොකක් අදින්නද කියලා..........ජිමින්ට හිතෙනවනම් මේක හරිනෑ කියලා මං...........මං හොද එකක් බලලා අදින්නම්
ජන්කුක් ඔලුව කසමින් කියා ජිමින් අතවූ සිත්තම අතට ගන්න සැදුවා.

හිතන්නවත් එපා , ඒක.......ඒක ගොඩක් ලස්සනයි.

ජිමින් සිත්තම පරෙස්සමින් තම පපුවට තුරුල්කරගත්තා.

ඔරලෝසුවේ කටු කැරකෙන විට ඇසෙන ටක් ටක් හඩ ඇරුනු විට වෙන කිසිදු හඩක් නොගෙනෙයි. දෙදෙනාම නිහඩව සිටියි. ජන්කුක් ඇස් කොනින් ජිමින් දෙස බලයි.

ජන්කුක් ඔයාට පුලුවන්ද මාව අදින්න , මං සතුටින් ඉන්න විදියට

ජිමින් ඔහුගේ දිලිසෙන දෑස් ජන්කුක් වෙතම එල්ලකර සිටින විට ජන්කුක් ඔහුගේ දෑස් ජිමින්ගේ ඇස් තුල අතරමං වීමට මොහොතකට පෙර පියවි සිහියට ආවා.

හරි
ජන්කුක් සිනාවී කියයි.

සුදෝසුදු හිරු එලිය ජිමින්ගේ මුහුණට වැටිලා දිලිසෙන කොට ජිමින් සන්සුන්ව වාඩිවී බලා සිටියා.

ජන්කුක්
එහා මෙහා කලබලෙන් ඇවිදින ගමන් ඉන්න ජන්කුක්ට ජිමින් කතාකලා.

ම්ම්
ජන්කුක් තම පැන්සල් , පින්සල් වැනි දේ ලගට ගනිමින් අසයි.

මුකුත් නොකියූ ජිමින් ජන්කුක් දෙසම බලා සිටියා.

ජන්කුක් ජිමින්ව සිතුවමට නැගිම ආරම්භකලා.

~කොහොමද ඒක එහෙම වෙන්නේ එයා දේවදූතයෙක් වගේ සුදු පාට ශර්ට් එකකින් හා කලිසමකින් සැරසි දිලුසෙන පුංචි බෝල ඇස් වලින් බලන් ඉන්නවා.~

පිරුනු කම්මුල් , පිරුනු දෙතොල් , පිරුනු ඇස් පරිපූර්ණ සුන්දරත්වයත් සමග ජිමින් අහිංසක ලෙස වාඩිවී සිටිනවා.

ජන්කුක්

කියන්න ජිමින්

නෑ නිකන් , ඉක්මනට අදිනවා නේද

අදින්නම්

හදවත බැහැ කියා හඩා වැටෙද්දි ජන්කුක් මිමිනුවා. ජන්කුක්ට ඕනේ බලා සිටින්න ඇසපිය නොගසා එකදිගට ජිමින් දෙස බලා සිටින්න.

ජිමින්ගේ මුහුන දෙස බලන් ඔහුට ආදරෙයි කියන්න , දෙතොල් සිපගන්න.

ජිමින් , ඔයාට ආදරය කෙනෙක් ඉන්නවද

විවරවූ ජනේල් පියන් තුලින් සුලං රැල්ලක් ගලා එනවිට , ඈතින් කුරුල්ලන්ගේ හඩ හොදින් ඇසෙයි.

නෑ කවුරුත් නෑ.

කාගැනවත් හිතිලා නැද්ද

නෑ

ජිමින්ගේ සිත තුල ආදරයක් ජනිත කිරිමට තමන්ට හැකිවේවායි ජන්කුක් ප්‍රාර්ථනා කලා.

ජන්කුක් සෙමෙන් සිතුවම අදින්න උනා. රාත්‍රිය බෝවිමට ආසන්න වන තෙක් ඔහු සිතුවම ඇන්දා.

ජිමින් වෙහෙසකර නොවිය යුතුයි කියා සිතු ජන්කුක් සිතුවම ඇදිම හෙට දිනට කල් යැව්වා.

දින දෙකක් පුරා ජන්කුක් ජිමින්ව සෙමෙන් අදින්න උනා. ජිමින් ඉටි රූපයක් මෙන් නොසෙල් වී සිටිමට නොහැකිව දග කරයි.

සුරතල් වදන් කියමින් ජන්කුක්ගේ මුවට සිනාහවක් ගෙනෙයි.
























පරක්කු වුනාට සොලියෝ......

Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now