12

520 174 22
                                    

ජන්කුක් ජිමින් දෙස ඔරවා වතුර බෝතලය විවර කොට ජිමින්ගේ අත මත බෙහෙත් පෙති තැබිය.

ජිමින් ඒවා විසිකිරිමට අත ඔසවන විට ජන්කුක් ජිමින්ගේ අත දැඩි කොට අල්ලාගත්තා.

අත අරිනවා. ජිමින් ඔහුගේ තරහෙන් පිරුනු දෑස් ජන්කුක් වෙත එල්ල කලේය.

විසිකරන්න එපා. ජන්කුක් ජිමින්ගේ අත තදකොට කෑගසයි.

බැහ් , ඕනමනම් ඔයා බොන්න.

මාව මොකෙක් වගේද පේන්නේ
ජන්කුක් ඇහිබැම හකුලුවා ජිමින් දෙස බලාසිටියි. මට තව වැඩ තියනවා ළමයෝ , මේ හොස්පිට්ල් එකේ ඉන්න එකම රෝගියා ඔයා නෙමේ.

හරි හරි ජිමින් සංසුන් ව සිටියි. ජන්කුක් බෝතලය ජිමින් අතට දුන්නා. සුලුවෙලාවක් බලා සිටි ජිමින් අතෙහි වූ පෙති සියල්ල තම කාමරය පිරා විසිරෙන ලෙස විසිකලා.

මොකද්ද ඒ කලේ ජන්කුක් තරහින් කෑගසන විට ජිමින් වතුර බෝතලය ජන්කුක්ගේ මුහුනට විසිකලේය.

දැන් හරිනේ යනවා ,මට පාඩුවේ ඉන්න දිලා.

ආහ්....... මං මේක පස්සේ බලාගන්නම්
ජන්කුක් ජලයෙන් පෙගුනු හිසකෙස් අතරින් අත යවා කෙස් පිටිපස්සට කලා.

" ටේ ඔහොම හිනාවෙන්න එපා "
ජන්කුක් අත්බැදගෙන නොරිස්සුම් ලෙස ටේහියෝන් දෙස බලා සිටියි. ටේහියෝන් අතින් කටවසාගෙන හිනාව තදකරගෙන සිටියි.

" වතුර නාගෙන ඉන්න විදිය මට බලන්න තිබ්බනම් "
ටේහියෝන් නැවත සිනාවෙයි.

" ආහ් , හරි දැන් ඔයා ඇදට ගියොත් හොදයි තරුණයා "
ජන්කුක් ඇස් රෝල් කර කිවා.

" මොකක් ඒත් තමා කතාව මුලනේ අනේ "

" ඒවා අපි හෙට රෑට කල් දාමු ටේ "
ජන්කුක් ඔහුගේ ඇද හරි ගස්සමින් කියයි.

" හොදයි එහෙනම් , සුබ රාත්‍රියක් "
ටේහියෝන් මුහුන ඇබුල් කොටගෙන ජන්කුක්ගේ කාමරයෙන් පිටතට ගියා.

ජන්කුක් ඇද මතට වී සිනාසෙයි.ජන්කුක් ටේට නොකියූ තවත් කොටසක් ඉතිරිව තිබිනි.

වතුර පහර කෑ ජන්කුක් නැගුනු කෝපයට බිම වාඩිවී සිටි ජිමින්ව බිත්තියට තද කලා. ජන්කුක්ගේ නලල මත වැටුනු ජල බිදූ ගලා යන කෙස් අතරින් ජන්කුක්ගේ තරහ පිරුනු තද දුඹුරු පැහැ දෑස් පෙනෙයි.

ජිමින් දෑස් විසල් කොට තොල් මදක් ඈත් කරගෙන බියෙන් ජන්කුක් දෙස බලා සිටින විට ජන්කුක්ගේ තරහ නිවී ඔහුව ජිමින්ගේ දෑස් අතර අතරමන් විය.

ජන්කුක්ට නොදැනිම ඔහු ජිමින්ගේ තොල් මතට නැබුරුවන්නට විය.

එක්වරම ජන්කුක් ගේ කොපුල් තලයට ජිමින්ගෙන් පහරක් වැදින. කලබල වූ ජන්කුක් දෑස් විසල් කොට ජිමින් දෙස බැලුවේය.

ස්-සමාවෙන්..... සෙමින් මිමිනූ ජන්කුක් ජිමින්ගේ කුටියෙන් ඉවතට ගියේ තමන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ටම දොස් පවරමිනි.

































කවුද කියන්නේ සම්පුර්ණ විස්තරේම කියන්න ඕන කියලා.

Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now